06වන කොටස🌼

8.8K 1.4K 380
                                    

ඇසල...අනේ පුතේ නැවතියන්කො ...

මන් වැට කඩුල්ලත් පැනලා කකුල් වලට බොරලු ඇනි ඇනිම ගුරුපාර දිගේ දිගෙ දිව්වා...ගිනිපුටක අව්වෙ සෙරෙප්පු දෙකක් වත් නැතිව තාර පාරෙ ගියෝතින් මගෙ යටි පතුලෙ හම තාර පාරට ඇලේවි.....බොරලු පාරෙන් ආව මං කටු ඇනි ඇනි මම වතු මැදින් පැන පැන ගුනේ මාමව හොයන් ගියා ...හැබැයි මේ තියන ආවේගෙ අනුව මට ගුනේ මාමව නෙවෙ අප්පච්චිව හම්බුනොත් මට අප්පා කියල නොබලා කන රත් වෙන්න ගහන්න හිතුනා......

ගානක් නෑ..වගේ වගක් නෑ......අම්මගෙ ඉල ඇට පෑදිලා නිදියන පැදුරු කඩමාල්ල දැන් දියවෙලා...ඔලුව තියන කොට්ටෙ පත්තර පිටුවක් වෙලා.....අම්මා ඔය නැහීගන වලව්වෙ ඉදුල් හෝදන්නෙ සල්ලි වලට නෙවෙ ...තියන සබ්බ සකලමනාවම වලව්වට සින්න උන හන්දා ඉන්න හිටින්න තියන තැනත් නැතිවේවි කියන බයට......අපි ඉන්න ගෙයි කෑල්ලත් ඉරුගල්බන්ඩාර වලව්වට අයිති එකක්......ගහෙන් වැටෙන පොල් ගෙඩියක් හනස්සක් පොල් අත්තක් හොරාවට අරගත්තට වෙන නම් හම්බෙන බිජ්ජක් නෑ...හොද හොද ඔක්කොම පිටිපස්සෙ...අන්නාසි වතු බාගයක්ම වලව්ව පිටිපස්සෙ තියනවා.....අප්පච්චිට කොච්චර නම් කියනවද .....
අපිවම මරන් කන්න ඉන්නවා

ආව්හ්.....

හිතේ තිබුන වේදනාවට ගල් ඇනි ඇනි බොරලු පාරෙන් ආව මං වත්ත මැදින් දුවනවත් එක්කම තුත්තිරි ඇලුන කකුල් වලට නෙරෙන්චි කටු ඇනුනා.....

උඹ හින්දා අපි විදින දුකක් අප්පච්චි ..උඹ හින්දා අපි විදින දුකක්...

කොට කලිසමක් ඇදන් උන්න මගෙ දනහිසෙන් පහල සම්පූරන කකුලෙම තුත්තිරි ඇමිනිලා තිබුනා....යටි පතුලට ඇනුන තරු හැඩේ නෙරෙංචි දෙක තුන ගලවලා දාපු මට "ගෝඩා" සැර දැනුනා....අනිවාර්යයෙන්ම අර ගෑනිගෙ ගෝඩා බැරල් හංගනව ඇත්තෙ මෙහෙ.....වැටෙන්න ඕන හැම දහ ජරාවක්ම වැටිලා පල්වෙන්න මේ කැලේ අස්සෙ හංගනවා ඇති ...

මං වටපිට බැලුවා...ඇත්ත..මගෙ නහය කවදාවත් මට බොරු කරන්නෙ නෑ....

උසට වැවුන ඉලුක් පදුරු ඝන සැරේට වැවුන ගස් කොලන් අස්සෙ වයලට්ගෙ ගෝඩා බැරල්.හංගලා තිබුනා...පාරට තාර දාන කාලෙට තාර උනුකරන්න ගේන යකඩ බැරල් වගෙ බැරල් දෙක තුනක් එක්ක නිල් පාට් උස බැරල් එකක්...ඒ එකකවත් කට වහල නෑ...ඔය ගෝඩා බැරල් වලට නොදාන මල ජරාවක් නෑ...දාන්න ඕන මොනවද සැර ගන්න ඔක්කොම ජාති දානවා...පල් සුවදටයි වතුර තිභහවටයි ඇදෙන සත්තු සරපයි ඔක්කෝම ඕකටම වැටෙනවා...ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ ඕවට මදුරු දගරත් දානවා කියනවා...ගැරඩිත් වැටෙනවා කියනවා...ඔය මලජරාව තමයි අප්පච්චි ලා බීගන ඇවිදින් ඇගේ පතේ හයිය පෙන්නන්නෙ...

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now