07 වන කොටස🌼

8.6K 1.4K 527
                                    

ඉන්...ධර්...හ්...හාමු.....

සීනි ගත්තු හැන්ද බිම වැටුනා...මං හිතුවා හිත ගැස්සුන පාරට මගෙ අතේ තිබුන සීනි බෝතලෙත් අත ඇරේවි කියලා ...දැකපු දේ එක්ක හිත අස්සට තේරුම් ගන්න බැරි ප්‍රශ්න වැලක් එද්දි මං ඒ මුන දිහාවත් නොබලා බිම වැටුන සීනි ඇට දෙක තුන උනත් අතින්  අහුලන් ඉක්මනට කෙලින් වෙනකොට සීනි මදි කියපු බේබි හාමු මාව තඹේකට වත් ගනන් නොගෙන ආපහු කාමරේට යන්න ගියා....

එතකොට සීනි....

මොකක්ද දෙයියනේ ඒ හාමු මහත්තයා කෙරුවෙ??

තතපර දෙක තුනක් යනකනුත් මං එතන තිබුන සයිබෝට්ටුවට හේත්තු වෙලා උන්නා......අවසානෙදි බේබි හාමු ආයම එනපාටකුත් නැති වෙනකොට මං වතුර පුරවාපු පනිට්ටුවත් අරගන තෙත රෙදි තිබුන ටියුලිප් මල්ලත් අරගන  මං ගෙදර දුවන්න ලැහැස්ති උනා...කට්ට කලුවර වැටිලා තිබුනත් මං උන්න තත්වෙ එක්ක මට හුලු අති බදින්න ඕන උනේ නැ...හිතේ තියන නිච්චියට දුවන්න පුලුවන් තරමට මම යන පාර දැනන් උන්නා...කොටිම්ම කිව්වොත් මට ඔනා උනෙ පුලුවන් තරම් ඉක්මනට ගෙදර දුවලා බේබි හාමු කරාපු විපරියාසෙ ගැන කල්පනා කරන්න වෙනකොට මං වතුර පනිට්ටුවට පුරවාපු වතුරත් හල හලම දුවන්න ගත්තා ....

.ඇසල....

බ්...බ්......

අන්දකාරයි.....

පනිට්ටුවෙ වතුර බාගෙට බාගයක් හැලිලා ගියා ...වලව්ව පැත්තෙන් දුවන්න හදනවත් එක්කම ආයමත් මට ඉන්ධර් හාමුගෙ ගොරහැඩි කටහඩ ඇහුනා.......මං ආයම නැවතුනා.....

හද එලියට පිපෙන්න බලාගන ඉන්න කඩුපුලක් කොල අස්සෙ හැංගීගනන ඉන්නකොට ඉවසීමක් නැති කමට පිපුන දඩබ්බර සේපාලිකාවක් අනිත් උන් පිපෙනකන් බලාගන උන්නා.....සුවදයි...ඒ අස්සෙන් පපුව ගැහෙනවා.......මහ් රෑ වෙනකොට කඩුපුලත්.....මුරන්ඩු කමට පිපුන සේපාලිකාව වට කරගන අනිත් සේපාලිකා මල් අහුරත් පිපේවි...මුලු ඉරුගල්බන්ඩාර වලව්වම සුවදින් පිරේව්..........ඒත්.....කාටත් හොරාවට පිපිලා මුලු රැයක්ම සුවද දුන්නත් ඉර නගින්ඩ කලියෙන් උණ් නටුවෙන් ගිලිහෙන්ඩ ඕනා....උන් ආපහු පෙති අකුලවගන්න ඕනා...ඉර එලියට උරුමයක් නැති බව දැන දැන උනත්  උන් හද එලියට සුවද දීලා කහටක් නැතිව කොහොම ඔහොම යන්න යනවද මන්දා......

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now