|| Chapter 15 ||

1.5K 236 96
                                    


Vote - 75









" ටේ... බේබි නැගිටින්න... "

ටේහියුන් එක්ක ජන්කුක් , ජිඔන් මැන්ශන් එකට එන්න පැයක් විතර ගියා... මගදි එනකොට ටේහියුන් නිදාගෙන හිටිය නිසා ජන්කුක් ආවෙ හිමින්...

ජිඔන් මැන්ශන් එකට ඇවිත් බයික් එක නතර කරපු ජන්කුක් , තමන්ගෙ කොන්දට ඔලුව තියාගෙන නිදන් ඉන්න ටේහියුන්ට කතා කලත්, තද නින්දක හිටිය ටේහියුන් නැගිටින පාටක්නම් තිබ්බෙ නෑ....

" බේබි... නැගිටින්න... අපි ආව... කෝ..."

" ම්ම්හු..."

ජන්කුක් එයාගෙ දකුනු වම් අත පිටිපස්සට කරල, ටේහියුන්ගෙ ඔලුව අතගාන ගමන් ආයෙ කතා කලත්, ටේහියුන් ගෙන් ඒකට ලැබුනෙ මිමිනිල්ලක් විතරයි....

" නැගිටින්න බේබි... "

ජන්කුක් ආයෙ කිවුවම, බාගෙට නැගිටල හිටිය ටේහියුන් , එයාගෙ අත් වලින් ඇස් පොඩි කරන ගමන් නැගිට්ට ටේහියුන් හුරතල් විදියට එයාගෙ තොල් දෙකත් උල් කරගෙන, ජන්කුක්ගෙ උරහිසක් අල්ලගෙන බයික් එකෙන් බැස්සා....

" කෝ මෙහෙට එන්න ... "

ටේහියුන්ගෙ අතකින් ඇදල තමන් ඉන්න පැත්තට ගත්ත ජන්කුක් , ටේහියුන්ගෙ ඔලුවෙ තිබ්බ හෙල්මට් එක ගැලෙවුව....

" ඔහොම ඉන්න.. මම මේක දාල එන්නම්.."

" හ්ම්ම්..."

ජන්කුක් , ටේහියුන් දිහා එක පාරක් බලල බයික් එක ආයෙ ස්ටාර්ට් කරගෙන, ගරාජ් එකෙන් දාල ආයෙ ආව....
ආපු ගමන් ජන්කුක්ගෙ තොල් අතර හිනාවක් ඇදුනෙ, තමන් එනකල් කලින් හිටපු තැනම හිටපු ටේහියුන් , හිටගෙන නිදාගෙන ඉන්නව දැකල....

" ඒයි... බේබි...ආශ්.. මේ කොල්ල..."

ජන්කුක් , ටේහියුන්ගෙ උරහිසට ගගහ කතා කලත්, එවලෙ නින්දෙ.හිටපු ටේහියුන් නෙවෙයි නැගිට්ටෙ,.ජන්කුක් තට්ටු කරපු එකෙන් උනේ, ටේහියුන් අනිත් පැත්තට බර වෙලා වැටෙන්න ගිය එක....

ටේහියුන් වැටෙන්න කලින් ඉස්සර උන.ජන්කුක් , ටේහියුන්ගෙ ඉන වටේ අතක් යවල එයාව අල්ලගත්තා....
තවත් කතා කලාට ටේහියුන් නැගිටින්නෙ නෑ කියල තේරුම් ගත්ත ජන්කුක් , එහෙම්ම ටේහියුන්ව හරහට වඩාගෙන ,මැන්ශන් එක ඇතුලට ගියා.....

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now