|| Chapter 48 ||

1.1K 203 30
                                    

කතාව අමතක අය කලින් කොටසත් කියෝල ඉන්ඩෝ... 😁











උපරිමම කේන්ති ගිහින් හිටපු ජන්කුක් එහෙම්ම ආයෙ අර මිනිහට ගහන්න පැන්නත්, එයා ලග හිටිය ටේහියුන් ජන්කුක්ව අල්ල ගත්ත.

" අනේ සන්සුන් වෙන්නකො කූ...ප්ලීස්.."

" අත ඇරපන් ටේහියුන් මාව..!! මම මුන්ගෙ එකෙක්වත් ඉතුරු කරන්නෙ නෑ..!"

" කලබල වෙලා හරියන්නෙ නෑනෙ ඒකට, අපි මුන්ට පාඩමක් උගන්වමු, ඒක උබට විතරක් නෙවෙයි මටත් ඕනි කුක්කො, ඒත් කලබල උනොත් මෙලෝ උට්ටක් කරගන්න වෙන්නෙ නෑ, තේරුම් ගනින්...!!"

" ඒක ඇත්ත ජන්කුක් , අපි පොඩ්ඩක් කල්පනා කරල ප්ලෑන් එකක් හදාගමු, නැත්නම් මේ වැඩෙන් වෙන්නෙ අපේ අයවම අමාරුවෙ වැටෙන එක.. "

යුන්ගි වගේම සොන්ජීගෙ නෝනත් ජන්කුක්ට කරුණු පැහැදිලි කරල දෙද්දි, ඒ සේරම කේන්තියෙන් වෙවුල වෙවුල අහන් හිටිය ජන්කුක් , හොද උස්මක් ගන්න ගමන් සන්සුන් උනා.

" ටේ බෙයා, කුකීව අරන් යන්න ...., ජන්කුක් ගිහින් ටිකක් වෙලා නිදාගන්නව තමුසෙ, නැත්නම් මෙලො වැඩක් කරන්න වෙන්නෙ නෑ, "

" ඔව් කුක්කො, උබ ඕනවට වඩා කේන්ති අරන් ඉන්නෙ, ටිකක් වෙලා නිදාගනින්, එතකොට හරියයි, අපි මොනා හරි කල්පනා කරල උබට කියන්නම්..."

යුන්ගි වගේම ජිමින් ජන්කුක්ට එහෙම කියල, ටේහියුන්ට අතින් සන් කලා ජන්කුක්ව එක්කන් යන්න කියල,.මොකද මේ වෙනකොට ජන්කුක් ටිකක් හරි සන්සුන් වෙලා හිටියත්,.ජන්කුක්ගෙ ඇස් තාම තියෙන්නෙ අර වැටිල ඉන්න මනුස්සය ලග කියල හැමෝම දැක්ක.

" කූ එන්න, අපි යමු..."

ටේහියුන් ජන්කුක්ගෙ අතකින් අල්ලන් එයාලගෙ කූඩාරමට එක්කන් ආව. ජන්කුක්ව කූඩාරම ඇතුලෙ වාඩි කෙරෙවුව ටේහියුන් කූඩාරම ඇතුලෙන් වහල දැම්ම. නිදාගන්න පුලුවන් විදියට හදල තිබ්බ පුංචි මෙට්‍රස් එක හරියට හදපු ටේහියුන් ජන්කුක්ගෙ උරහිස් වලින් අල්ලල ඇල කරන්න හැදුවත්, ජන්කුක් ගලක් වගේ තාම එක පැත්තක් දිහා බලාගෙන දත්මිටිකනව කියල දැක්කම, සුසුමක් පාත දාපු ටේහියුන් , ජන්කුක්ගෙ ඉස්සරහට ආව.

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now