අමතක නොකර වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න!🤍
අපි එතන ඉන්නකොට ආවේ "ඇලෙස්සියා රියෑන් ඔෆේලියා වෙස්ටර්වෙල්ඩ්" ඉස්කෝලේ ඉන්න ජනප්‍රියම කෙල්ල...ලස්සන වගේම සල්ලී වලින් උත් පරිපූර්න ඒ කෙල්ල තමා තාත්තා මට ඒ කාලේ ඉදන් ප්‍රපෝස් කරලා තියෙන කෙල්ල..
"හේයීඊඊ!! නදීශ්"
"හෙයි ඇලෙක්සියා"
ඒකී ලගට එනකොට මම නැමිලා එයාගේ අත අල්ලගෙන පිට අල්ලට කිස් එකක් දූන්නා... මම ඇහැ කොනින් දැක්කා රවනාශ්ත්‍ර අඩියක් පිටිපස්සට යනවා.. ඒ අත් වෙව්ලලා ගිහින් නැවතුනේ එයාගේ කෝට් එකේ බටන්ස් ලග..ඒ වෙව්ලන අත් වලින් එයා ඒවා අල්ලනවා..
"hey Ravanashthra this is my fiance "
මම එහෙම කියනකොට මම දැක්කා...මෙච්චර වෙලා පිපිලා තිබ්බ නිල් ඇස් පර වෙනවා..මෙච්චර වෙලා රත් වෙලා තිබ්බ කම්මුල් සුදු මැලි වෙනවා..රතු පාට කාර්නේශන් මලක් වගේ තිබ්බ එයාගේ හීනී තොල් දෙක දම් පාටට හුරැ දුබුරැ පාටක් ගන්නවා..
එයාගේ ඇස් වල තිබ්බ වේදනාව හන්ගගෙන එයා හිනා වුනා හරිම "බුද්ධිමත්" විදියට...
ඒ නිල් ඇස් බලාපොරොත්තූ ගොඩකින් පණ ගැහිලා එලිය වෙන හැටි මට ඉස්සෙල්ලා ඇහුනා...එත් දැන් ඒ ඇස් වල තිබ්බ එලිය පරවෙනවා මට ඇහෙනවා...
මෙච්චර වෙලා නිවිලා තිබ්බ නිල් ඇස් ඝෝෂාකාරී මුහුදක් වගේ විලාප දෙන සද්දේ මට ඇහුනා...
ඊලගට එයා ඇලෙක්සියාට අතට අත දෙනකොට මම දැක්කා මම කිස් කරපු ඇලෙක්සීයාගේ පිට අල්ල දිහා බලාගෙන ඉන්නවා...එතකොට මට මතක් වුනේ අර පින්තූරේ...ඒ පින්තූරේ තව කෙල්ලෙක් එක්ක අතින් අල්ලගෙන හිටපු කොල්ලා මම වෙන්නැතිද? එතකොට කෙල්ල ඇලෙක්සියා ද? ඊට අමතරව ඒ දිහා දුකින් බලාගෙන හිටපු කොල්ලා එයා ද?...
ESTÁ A LER
වස්තුවේ(18+)
Não ficçãoමගේ වස්තුව දියමන්තීයක් නම්........ඒ දියමන්තියේ මුද්ද වෙන්න...මට ඉඩ දෙනවද?🤍 (based on a true story)