Chapter 22

260 26 42
                                    


අමතක නොකර වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න ලමයී!!🩷





කාලේ කොච්චර ඉකමනින් යනවද කියලා කිව්වොත් අපි ඩෙන්මාර්ක් යන දවසත් ආවා...ඉස්කෝලේ අපි වෙන වෙනම කටුනායක එයාර්පෝර්ට් එකට ආවා...මාව බස්සවන්න අපේ අයියයි එයාගේ කෑල්ලයි ආවා....අපේ අයියා යාලුවෙලා ඉන්නේ එසේ මෙසේ කෙල්ලෙක් එක්ක නෙමී..ඩිගිටල් ඒජන්සී එකක ceo වගේම ෆයුන්ඩර් ගේ දුව එක්ක...ඒ අක්කා ඉතින් හරි හොදයි..මට මගේ බෑග් එක පවා හදලා දුන්නේ එයා...ඇයි ඉතින් මේ සති දෙක පුරාවටම කලේ ප්‍රැක්ටිස් කරන එක..ඇග පත හෝදන්න පවා මහන්සී හිතිලා තිබ්බේ...උදේ ඉස්කෝලේ ඊලගට පාන්දර එක දෙක වෙනකල් ප්‍රැක්ටිස්.... පන ගිහින් හිටියේ...

අයියාව මම බෙල්ල බදාගෙන බදාගන්නකොට මම අක්කටත් එන්න කිව්වා ඉතින් අපි තුන් දෙනා ටික වෙලාවක් බදාගෙන හිටියා... අක්කගේ නම "එබා.."

" උබේ උපරිමේ කරපන් චූක්කූ...."

"චුක්කූ" කියන්නේ අයියා මට ආදරේට කියන නමක්..එයා ඉතින් එක එක ජාතියෙ නම් කියනවා මට..බල්ලා,පුස්සා, හරකා..ඔය වගේ නම් කියනවා වගේම ඉදලා හිටලා චූටී, හරි චුක්කූ කියලා කතා කරනව....

"වෙලාවට කන්න හොදේ..."

"හරි හරි එහෙනම් මම ගියා...උම්මාආආආආආආඅහ්හ්හ්හ්..."

මම අයියාගේ කම්මුලේ කෙල ගලා..උම්මාහ් එකකුත් දීලා..අක්කගේ නලලටත් කිස් එකක් දුන්නා....මම එයාපොර්‍ර්ට් එක ඇතුලට යනකල්ම එයාලා බලාගෙන හිටියා..ඒ ගිහින් මම කෝල් එකක් දීලා එයාලට යන්න කිව්වා....

එලියස් අයියා හෙන උස පුටුවක වාඩි වෙලා ඉන්නකොට zeeva..එලියස් අයියගේ ඉන වටේ අත් දෙක දාගෙන පපුවට තුරැල් වෙලා හිටියා...අයියා අරෑගේ ඔලුව අත ගගා උගෙ ඔලුවට පොඩි පොඩි හාදු තිබ්බා....උන් දෙන්නගේ රොමෑන්ටික් සීන් එක මැද්දට මන් ඇඩ් දාන්න ඔනේ නැති නිසා ඩැනියෙලාගේ කරට අතක් දාගෙන මම කයියකට සෙට් වුනා..ඌත් මම කියලා දැක්කට පස්සේ මගේ කර වටේ අතක් දාගෙන උගේ පැත්තේ කම්මුල මගේ නලලට තද කරගත්තා....

වස්තුවේ(18+)Where stories live. Discover now