Chapter 14

257 23 20
                                    


අමතක නොකර ලස්සන කමෙන්ට් එකක් වගේ වෝට් එකක් දාගෙන යන්න🤍🩷




කෝල් එක ඉවර වෙලා දඩේ ඔනේත් නෑ යන්න ගෑවා.....මගේ අතේ වැරැද්ද මමයි මාර්ග නීතී පිලිපැද්දේ නැත්තේ ඉතින් සල්ලී කොච්චර තිබ්බත් බලේ කොච්චර තිබ්බත් වැඩක් නෑ නේ වැරැද්දක් පිලිගන්නේ නැතුව කොන්ද පන නැති පොන්නයෙක් වගේ හිටියොත්... ඒ නිසා මම ගිහින් පොලිස් ජීප් එකෙන් ඉදගත්තා..

"සර්...සර්ට යන්න පුලුවන්.."

"දන්නවා..එත් මගේ මෙතන වැරැද්දක් තියෙනවා නේ..තියෝන් මුතුකුමාරන් මහරත්න ගේ මල්ලී නෙමී මෙතන ඉන්නේ සමාන්‍ය මනුස්සයෙක් කියලා හිතලා...උන්ට දෙන දඩුවමම දෙනවා..අහ්හ් මෙන්න පනස් දාහා.."

මම එහෙම කියලා පොලිස් ජීප් එකට නගින්න යනකොට අර රවනාශ්ත්‍ර පකා මගේ අතින් ඇදලා මාව පිටිපස්සට කලා..අම්මපා අතත් ගැලවුනාද කොහෙද ඌ ඇද්ද පාර..මූ මොකාටද මේ ලෑස්තී වෙන්නේ..

"මාත් නදීශ් කරපු වැරැද්දම කලා මම ගාව කෑශ් නෑ..මොබයිල් පේ හරි කාඩ් පේමන්ට් හරි තියෙනවද?"

"අනේ...නෑ නේ සර්.."

"හරි ඒකට කමක් නෑ මම ඩැඩාගේන් ඉල්ලා දෙන්නම්...මාත් එනවා හිර කූඩුවට යන්න.."

"ඒත්..සර්.."

"මේ අහන්න මන් අතිනුත් වැරැද්දක් වුනා..ඒ වගේම නදීශ් අතිනුත් වැරැද්දක් වුනා.. ඒ නිසා එයා කියපු විදියට අපිට හරියයන දඩුවම දෙන්න "

ඌ එහෙම කියන ගමන් වාහනේට නැග්ගා..මම මෙච්චර වෙලා උගේ පිටිපස්සේ ඉදන් ඒ පිට දිහා බලාගෙන ඉදලා උගේ ශර්ට් එකට එක පැටර්න් හිතෙන් මැව්වා.. හරියට නිකන් මල් මල් තියෙනව ඒවා කොටු කොටු තියෙන ඒවා..අන්න ඒවගේ ඒවා....කොහොමහ‍රී මායි උයී දෙන්නම පොලිස් ජීප් එකේ නාලන්දේ , වෙස්ලී එක පහු කරගෙන බන්දනාගාරෙට ඇතුල් වුනා.. මටත් ඉතින් කොලු කමට පට්ට ආසවක් තිබ්බේ වැලිකඩ මොන වගේද කියලා බලන්න ඒ හින්දා පොලිස් අන්කල්ට මම් කිව්වා වැලිකඩ යමු කියලා..එච්චර බරපතල වැරැද්දක් නැතත් මට ඒක කොයි වගේද කියලා බලන්න හෙන කුතුහලයක් තිබ්බේ..... අපේ තාත්තා දැනගත්තොත් එහෙම මාව මරලා එයා වැලිකඩ එයි...ඒ නිසා මම යාලුවන්ට කිව්වා මායි රව්නාශ්ත්‍රයි උට බෙහෙත් ගන්න ආවා කියලා..සොරි සුදූ උබ අද ඉදන් ලෙඩෙක් වෙයන්..උගෙ පනු අමාරැවට බෙහෙත් ගන්න අපි ආවා

වස්තුවේ(18+)Where stories live. Discover now