Chapter 29

353 20 10
                                    




මම කාර් එකේ යන ගමන් තාත්තගේ සාක්කුවට දාපූ කින්ඩර් ජොයී එකේ ටොයී එක හදන්න ගත්තා..මේ සැරේ හම්බුනේ දම් පාට ප්‍රෙග්නන්ට් ඩ්‍රැගන් කෙනෙක්...මන් ඉතින් ඌව කාර් එකේ කැබින් එක අස්සට දැම්මා..හොටෙල් එකට යන්න කලින් තාත්තා එක්ක බීච් එකට ආවා...ලාවට කලුවරවීගෙන එනකොට මායි තාත්තයි ගිහින් වැල්ලේ ඉදගත්තා...පොඩිම වැලදගැනීමක් වත් තිබ්බේ නෑ...ලොකු කතාවක් තිබ්බෙත් නෑ..හරිම ඔක්වර්ඩ්....මම තාත්තගේ සයිඩ් ප්‍රොෆයිල් එක දිහා බලාගෙන හිටියා...එයාට දැන් හතලිහටත් කිට්ටුයි ඒත් ඒ මුනේ  ව්‍රින්කල් එකක්වත් නෑ...එක පොඩි පිම්පල් එකක්වත් මුනේ නෑ....ලාවට රැවුල් කොට තිබ්බට එයා ඒවා ශේව් කරනවා..ජෝව් ලයින් එක අයේ පට්ට නිකන් පිහියක් වගේ....ඇත්තටම තාත්තට තිබ්බේ හරි ලොකුකම වගේ කියන පෙනුමක්....පෙනම විතරක් නෙමී ඇත්තටම එයා එහෙම තමා...හැබැයි ඉතින් පොඩි ලොකු කමක් තියෙන්නත් ඕනා නේ..ඒත් එහෙම කියලා සීරියස් වෙන්න හොද නෑ කොයි වෙලෙත්..එහෙම සීරියස් වුනාම ජීව්තේ එන්ජෝයි කරන ටික ඉබෙම නාස්ති වෙලා යනවා..ප්‍රොෆෙශනල් වෙනකොට ප්‍රොෆෙශනල් වුනා එච්චරයි...

තාත්තා සිගරට් එකක් පත්තූ කරලා එකක් මට දුන්නා....ඈඈඇ මම මේ දකින්නේ ස්වප්නයක්ද????ඒකත් තාත්තා මට සිගරට් දෙනවා..සිරාවට ස්වප්නයක් වෙන්නැති....මම තාත්තා දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා...එයාගේ මුනේ කිසි හැගීමක් නෑ...හරිම හිස්...තාත්තා හරියට තනි වෙන්න බලනවා...එයා මන් එක්ක, අයියා එක්ක තියා අඩුම ගානේ අම්මා එක්ක ඉන්නවත් කැමති නෑ...හැමතිස්සෙම එයා බලන්නේ තනි වෙන්න...එහෙම නැත්තන් වැඩ කරන්න..නිදා ගන්නේ වුනත් පැයයි දෙකයි..එච්චර තමා එයා නිදා ගන්නේ...

"ගනින් ...උබ සිගරට් එකක් කටේ තියෙලා නෑ වගේ බලාගෙන ඉන්නේ..."

"කොහොමද දන්නේ මන් කටේ තියෙලා තියෙනවා කියලා?"

මම සිගරට් එක ගන්න ගමන් අහනකොට එයා අනිත් පැත්ත බලලා කට කොනින් හිනා වුනා..

"උබේ ක්‍රෙඩිට් කාර්ඩ් එකේ අයිතිකාරයා මම නේ...."

හුටා අමතක වුනා...සිරාවටම එයා තමා අයිතිකාරයා...එච්චරයි එතනින් කතාව ඉවරයි.....එයා යන්න ගියා..මට තනියම හොටෙල් එකට ගිහින් කරගන්න මගුලක් කරගන්න කියලා එයා යන්න ගියා.. අනේ මන්දා මට තාත්තව තේරැම් ගන්න බෑ......මට ලොකු දෙයක් එයා මාත් එක්ක මෙහෙම කතා කරපු එකත්.....එයාට බිස්නස් මීටින්ග් එකක් තියෙනවා කියලා තමා ගියේ.....මට බැන්නෙවත් නෑ...හරි පුදුමයි..ඒත් ඒක මට හොද ෆීලින්ග් එකක් ගෙනාවේ නෑ...මම මුහුදේ ඈත දිහා බැලුවා...එතන හිටියේ වෙන කව්රැත් නෙමී රවනාශ්ත්‍රයි..මහේශ් ඇමතිතුමයි......මම එයාලව දැක්කට එයාලා මාව දැක්කේ නෑ..ඒ නිසා මම ඒ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.....එයයි මහේශ් ඇමති තුමයි කතා කරනවා, හිනා වෙනවා...මහේශ් අන්කල් එයාගේ පිටට ගහනවයි, බදාගන්නවයි එතන එක එක කෝලන්...මම හරි ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටියා......

වස්තුවේ(18+)Where stories live. Discover now