Chapter 32

464 25 21
                                    






"මට හරියට උත්තරේ දීපන් දිනෙල් අයියේ!!!තෝ තවත් මේක හන්ගගෙන හිටියා කියලා වෙන පකක් නෑ ඔයී!! උත්තර දීපන්..එකී මැරැනද එහෙම නැත්තන් මැරැවද???!!"

අපි හිටියේ ලයිබ්‍රරි එකක නෙමී අපි හිටියේ දිනෙල් අයියගේ ගෙදර.....රවනාශ්ත්‍ර මාව හොයාගෙන ඈත ඉදන් එනවා දකිනකොට මම හිමීට මුවා වෙලා දිනෙල් අයියා එක්ක ආවා..මෙතන කෝලම් කර කර ඉන්න වෙලාවක් මට තිබ්බේ නෑ...අපි මේක පුලුවන් ඉක්මනට හොයාගන්න ඕනා..එහෙම නැත්තන් වෙන්නේ අපේම එකෙක්ට හිරේ විලන්ගුවේ නහින්න තමා....මම නහරයක් පුපුරන්න ඔන්න මෙන්න එකෙක් වගේ දිනෙල් අයියට කෑ ගහනකොට එයා අනිත් පැත්ත බලාගත්තා..

"කොන්ද පන නැති එකෙ වගේ අනිත් පැත්ත බලන එක නවත්තප දිනෙල් අයියේ!!!මම උබට ආපහු කියන්නේ නෑ..මට කියපන්..මොකද උබ දැක්කනේ..ම්ම්..මට කියපන් එකී මැරැනද එහෙම නැත්තන් මැරැවද කියලා???"

මම උපරිම කේන්තියෙන් එයාගෙන් අහනකොට දිනෙල් අයියා කලේ හරිම නිවිච්ච විදියට මට එතන තිබ්බ වතුර ජාර් එකෙන් වතුර අරගෙන ඒක කෝප්පෙට වක්කරල මට දීපූ එක....ඒක මම බිව්වම මගේ කේන්තිය ලාවට නිමිලා ගියා.....

"හයියෙන් තුන් සැරයක් හුස්ම ගනින් මල්ලියේ...කේන්ති ගිහින් ඉන්නකොට ප්‍රශ්න කතා කරන්න අමාරැයි"

මූට නම් දෙන්න හිතෙනවා මට කන පැලිලා යන්න දෙකක්..හැබැයි ඉතින් එහෙම නෙමී.....මූ ඉතින් හෙන සයිකෝ කාරයා වගේ ඉදලා මගේ කේන්තිය නිමලා දැම්මා...

"හොදට අහගනින් හොදේ...මොකද මම මේක දෙසැරයක් කියන්නේ නෑ... අනික මම මේ දේවල් හරිම සිම්ප්ලී කියන්නම් මොකද මට බෑ මෙ දාවල් ආපහු ආපහු මතක් කර කර කියලා අඩන්න...I genuinely can't do that..."

"හරි..කියන්නකෝ.."

"ශනායා කියන්නේ මන් ආදරේ කරන කෙල්ල..අද ජීවතුන් අතර නැතත් මම මැරීගෙන ආදරේ කරපු කෙල්ල......කොහොමහරි ටික දවසක් යනකොට කෙල්ල මගෙන් ඈත් වෙන්න ගත්තා..ඒත් පොඩි කාලේ නිකන් අව්රැදු පහලවීදී විතර මම හෙන චන්ඩියා..අපි කොහොමත් ඒ කාලේ බොරැවට රගන්න නේ හදන්නේ...ඉතින් මම කලේ ඒකීට හොදටෝම බැනලා, ගහලා මගේ ලග තියාගන්න හදපු එක...ඒකී අඩනකොට වුනත් මම දැනගෙන හිටියේ නෑ කොහොමද නලවන්නෙවත් කියලා...උබට මම කියන දේ හොදට තෙරෙනවා ඇති නදීශ් මොකද උබේ පව්ල වගේම තමා අපේ පව්ලත්.....මගේ දෙමාපියන්ගේ වැඩේම රන්ඩු කරන එක..එතකොට අපි ඉස්සර අඩනකොට වුනත් එයාලා කලේ "ඇඩිල්ල නැවැත්තුවේ නැත්තන් තොට මේ බෙල්ට් එක කැඩෙනකල් ගහනවා"කියපු එක.....ඉතින් මම වුනත් දැනගෙන හිටියේ ඒ වගේ බ්ලැක්මේල් කරලා කෙල්ලව ලග තියාගන්න විතරයි...ඒ වගේම කේන්ති යනවා එහෙම වුනාම අපිත් ටිකෙන් ටික දෙමාපියන් වගේම හැමදේටම කෑගහගෙන බනින්න යනවා...ඉවසීම කියන දේ අපිට බින්දුවයි..උබටත් එහෙම ඇති මල්ලී....only people who come from broken home can understand that shit........"

වස්තුවේ(18+)Where stories live. Discover now