01. මං Ready 🥰👍

1.3K 210 40
                                    

💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
" ඒයී... මොකද මේ... යන්න දෙනවා... මට පරක්කු වෙනවා.."

"කියන දේ අහනවා බනී... ඔහොම ඉන්නවා... ඔයාට මං..."

" කිව්වා නේද එක පාරක්. මං ඔයාව දන්නෙ නෑ... ඇයි මගෙ පස්සෙන් එන්නෙ..."

"එන්නෙ ඔයා ඕන නිසා..." කියපු ගමන් කොල්ලා ඒ දෙතොලම සිපගත්තා. ඒ පුංචි රෝස පාට තොල් දෙකේ පහස ඔහුට දැනුනා. හෙමින් හෙමින් කොල්ලගෙ දෙතොලට අවනත් වෙලා පියවුනු ඒ ඇස් දෙක දිහා බලන් සිපගත්ත කොල්ලටත් නොදැනිම හෙමීට ඇස් දෙක පියවුනා. ඒ උණුසුම් දෙතොල් ළඟ වෙලාව යනවා දැනුනෙ නෑ.

 ඒ උණුසුම් දෙතොල් ළඟ වෙලාව යනවා දැනුනෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"චූටි පුතා කීයද වෙලාව, නැගිටින්න මහත්තයෝ..." අම්මගෙ එළාම් එකට කොල්ලා ඇහැරුනේ උඩ ගිහින්. 'අයියෝ හීනයක්නේ...' හිතුව කොල්ලා ඊයේ රෑ වෙනකක් Dancing practice කරලා මහන්සියට හීන දැක දැක තාම නිදි ඇදේ....
කොල්ලා රත් වෙලා සීතල වෙලා ගිහින් හිටියේ..

" අයියෝ... අම්මී.... තව චුට්ටක් අනේ" කොල්ල බ්ලැන්කට් එකෙන් ආයෙත් ඔලුවෙ ඉදන් වහගත්තා.

'හීනේ හොදම හරිය අයියෝ.... අනේ ඔයා ඉක්කමනට එන්නකො' කොල්ලා තව තවත් ගුලි වුනේ හීනේ හොයාගෙන.

"නැගිටින්න දරුවෝ.... අද ඔයාගෙ competition එක නේද... ඔහොමද ඔයා තරග දිනන්න හදන්නේ..."
අම්මා ඇඳ කොනෙන් වාඩි වෙලා බ්ලැන්කට් එකෙන් ඇද්දා...

"විනාඩි පහක් ඉන්න දෙන්නකො අම්මියෝ... මං බලලා එන්නම්" නිදිමතේම කියවනගමන් ආයේ මූණ වහගත්තා

අම්ම බැලුවෙ කටත් ඇරගෙන. 'මේ කොල්ලා බ්ලැන්කට් එක අස්සෙ ඔලුව ඔබන් මොනව බලනවද ඒ ගමන්.' අම්මා හිනා වෙවී අයිමත් බ්ලැන්කට් එක ඇද්දා...

' අම්මා හිනා වෙවී අයිමත් බ්ලැන්කට් එක ඇද්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now