68. නොසිතූ දෙයක්... 🌹❤️💚

298 97 58
                                    

🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

          චොන්චිං බලා යන ගුවන් යානයට සොයුරු ශිචෙන් සමඟ ගොඩවූ වෙලේ පටන් ඊබෝ සිටියේ දැඩි නොසන්සුන්තාවයකිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චොන්චිං බලා යන ගුවන් යානයට සොයුරු ශිචෙන් සමඟ ගොඩවූ වෙලේ පටන් ඊබෝ සිටියේ දැඩි නොසන්සුන්තාවයකිනි. දිනක් ඇතුළත සියල්ල පිළිවෙළක් කරගෙන ගමන යොදා ගත්තද ඊබෝ සිටියේ ශාන්ව තනිවම දමා යෑමට සිදුවීම පිළිබඳ පසුතැවීමත් සමඟය. නමුත් ශාන්ගේ ආරක්ෂාව ශූයන් සහ චෙන් බාරගත් නිසා මදක් හෝ සැහැල්ලුවක් වුවද පෙර දින සන්ද්‍යාවේ ශාන්ගේ Apartment එකේදී සිදුවූ සිදුවීමත් සමඟ ඊබෝ සිටියේ කැළඹීමෙනි.

"මල්ලී.... ලියෝ... ඇයී මේ...."

ශිචෙන් ඇසුවේ අතටද තට්ටු කරමිනි.

චොන්චිං පොලීසිය ඉදිරියේ වංකගිරි සිදුවීමට අදාලව කට උත්තර දීමටත් රෝහල් ගතවී සිටින ශිචෙන්ගේ පැරණි පෙම්වතා දැකගැනීමටත් සිතාගෙන ව්‍යාපාර කටයුත්තකට කියමින් පියාගෙන් අවසර අරගත් දෙදෙනාගෙන් ඊබෝ ගුවන් යානයේ අසුන්ගත් මොහොතේ පටන් කුඩා ජනෙල් කවුළුවෙන් පිටත බලාගෙනමය.

ඒ වනවිටත් වංකගිරි සිදුවීන ගැන ශිචෙන් යම් යම් තොරතුරු දැන සිටියේය. ඔහුද සිටියේ එම වික්‍රමය ගැන තැතිගැන්වීය. නමුත් ඊබෝ සමඟ එක්ව සිටින්නට ඔහු සිතා ගත්තේ මේ ඔහුගේ එකම සොයුරා බව කල්පනා කරමිනි.

අත් මිටිමොලවමින් කල්පනාබරව සිටින නිසා ඊබෝගේ ආසන පටිය ශිචෙන් විසින්ම පැළදුවේය. ආසන පටි තද කරගන්නා ලෙස ගුවන් සේවිකාව කළ නිවේදනය පවා ඔහුට ඇසුනේ නැත.

"මල්ලී... වරෙන් මේ ලෝකෙට... මොකද බං මේ..."

ඊබෝ ශිචෙන් දෙස බැලුවේය. ඔහුගේ දෑස් වල තවමත් නොගිළිහුන කඳුලක් දිළිසෙන බව ශිචෙන් දැක ගත්තේය. ඔහු තම කුඩා සොහොයුරාගේ සුරතින් අල්ලාගත්තේය.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now