55. ඉලක්කය සොයා...🥺🧨

314 116 76
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️

ශාන් අතුරුදන් වී පැය බාගයකට පෙර...

📱"ලොක්හා... මෑන් ඉන්නවා... ලියෝ කාරයත් ඉන්නවා..."

📲"එළ එළ.... වැඩේ නූලට ගොඩ දාපන්.. මං තව පැයෙන් වංකගිරියේ...
අනික් උන් නෑනේ...?"

📱"නෑ නෑ.... උන් ගියා.... මුන් දෙන්න ඉන්නවා... අපි දෙන්නත් රෙඩි පිට ඉන්නේ..."

📲"කිසි අවුලක් වෙන්න බෑ.... උනොත් මගෙ නම ගෑවෙන්නත් බෑ..."

📱"හරි හරි ලොක්හා... හැබැයි... උන් හෙල්ලෙන්නෑනේ.... බෙහෙත් කවුන්ටරේ ළඟ...."

📲"හරි හරි.... අරූ විතරක් බැරි උනොත් දෙන්නම උස්සපන්.... මගදි අපේ වාහනේට මාරු කරපන්..."

📱"OK OK.... "

~~~~~

📱ලොක්හා.... වැඩේ ගොඩ...

📲අෆ්ෆට සිරි... ටොප්නේ....

📱එකෙන්ම ලොක්හා.... කොල්ලට සිහිනෑ... තව කිලෝමීටරේකින් විතර වාහනේ මාරු කරනවා...

📲ඉක්මනට ගෙනෙන්.... මගෙ රෝස මල...

##################






🦁 ඊබෝ රෝහල තුළ....

ඊබෝ හති දාගෙන රථගාල වෙත දිව්වෙ මෙලෝ සිහියක් නැතිව ය... මේ වෙනවිටත් ඊබෝගේ මුළු ලෝකෙම ඔහුගේ දෙපතුල ළඟ කඩාවැටී තිබුණි....

තනිවම දුවගෙන එන ඊබෝව දැක බින් සහ යුවාන් දෙදෙනාම වාහනෙන් බැස ඊබෝව අල්ලාගත්තේය...

"බින්.... බින්... ම...මගෙ කොල්ලා..."

ඊබෝ දොර ඇර වාහනය ඇතුලතත් බැලුවේ පිස්සුවෙන් මෙනි...

"ඊබෝ....... ඇයි මේ.... කතාකරන්නකෝ...."

"අනේ බින් අනේ බින්... බනී නෑ දෙයියනේ... මගෙ බනී නෑ..... "

" ඇයි වොශ් රූම් ගියා කිව්වනේ... කියපන් කලබල නැතුව මොකද වුනේ..."

"වොශ් රූම් එකට මං මයි යැව්වෙ... බෙහෙත් එක අරන් එන ඩිංගට මගෙ කොල්ලා නෑ බිනා... මං සේරෝගෙම බැලුවා....මේ phone එකත් බිම තිබ්බෙ..."

ඊබෝ පිට පිට වැටෙන කඳුළු වේගෙන් පිසදමමින් කෑ ගැසුවේය..

"යං යං.... සිකුරුටි එකට කියලා කැමර් චෙක් කරමු... යුවාන් ඇතුලෙ ඉන්න..."

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now