69. පුංචි සුරංගනාවී...❤️🧚🏻‍♀️💚

303 94 94
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආ..නේ... එන්න මැණික එන්න...."

"ඉඳගන්න පුතාලා..."

චොන්චිං හී ශාන්ගේ ඩොක්ටර් පුංචිගේ නිවසට යූචෙන් සමඟ ඊබෝ ශිචෙන් සහ පේඊ ෂි පැමිණෙද්දී සවස පහත් පසුවී තිබුණි. ඒ වනවිටත් පෙරමග බලා සිටි යාන්ලීත් මවත් ඊබෝ ඇතුළු පිරිස පිළිගත්තේ පැහැදුණු සුහද සිතිනි.. සියල්ලෝම ආලින්දයේ අසුන් ගත්තේ ශාන්ගෙ මව පුංචි සංග්‍රහයක් සූදානම් කරන්නට යනවිටය.

"කෝ අපේ පැංචා ආවේ නැද්ද... නොකිව්වට මං හිතුවේ එන්නැති කියලා අනේ..."

"නෑ අක්කි... මං අයියා එක්ක ඔෆිස් වැඩකටනේ ආවේ... අක්කේ... මේ අපෙ අයියා ශිචෙන්... එතකොට මේ අපෙ යාලුවෙක්..."

ශිචෙන් සුහදව සිනාසුනේත් යාන්ලී සිනාසී බිම බලාගත්තේත් එකටමය.

මේ අතර ඊබෝ යාන්ලීට ඔවුන්ව හඳුන්වා දෙද්දී ඉහල මහලේ සිට යුවාන් පිම්මේ දුවගෙන ඇවිත් නතරවුනේ ඉදිරිපස දොරටුවෙනුත් පිටත එබී බලාය. ඔහු සිතුවේ ඊබෝ පැමිණ සිටිනු දුටුවිට බින් ද ඔවුන් හා රහසේම පැමිණෙන්නට ඇතැයි කියායි. යුවාන්ගේ මුහුණ බලා සිටියදී බෙරි විය...

" කෝ මගෙ සුදු බෝලේ ආවේ නෑ???"

යුවාන් සෙටි පුටුවට පැන්නේ ඊබෝගේ කරටත් අත දමාගෙනය.

" දැන් ඔයා සුදු බෝලේ ම ද පණ දාගෙන හෙව්වෙ ආහ්..."

‍යාන්ලී සහ යූචෙන් ඊබෝ සමඟ එකතු වී තරඟෙට යුවාන්ට සිනාසුනි...

" හරි හරි ඉතින්.... කෝ අරයා... "

"එයාලා දෙන්නම එහේ.... අපි මේ බිස්නස් වැඩකට ආවගමන් යුවාන්..."

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now