38. හාවො හරි රසයිලු 🦁💝🐰

437 141 52
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

        පන්ති කාමරයට ඇතුල් වූ ඊබෝ ෂුයන් සහ චෙන් අතරමැද තිබූ ඔහුගේ පුටුව මතට බර වුනේ දෙදෙනාගේම කරට අත් දෙක දා ගනිමින් කල්පනාබරවයි. ශාන්වද ඔහු ඉගෙනුම ලබන ශාලා පරිශ්‍රයට ඇරලවා තම පන්ති කාමරයට පැමිණෙන විට තිබූ කල්පනාවෙ තවමත් ඊබෝ ගිලී සිටියේ අහස පොළොව ගැටලන්න බලාගෙනය.

"මොකෝ කොල්ලට අදත් ප්‍රශ්නයක්ද ?"

" හ්ම්ම්ම් පස්නයක් පස්නයක්" ඊබෝ ෂූයන්ට උත්තර දුන්නේ ඔවුන් දෙදෙනාගේම පුටු දෙක අල්ලන් තමන්ගෙ පුටුව පදිමිනි.

"ඒ ගමන මොකෝ " චෙන් ඊබෝගේ මූණට එබිලා ඇහුවා

"බනීට අපේ ගෙදර මාට්ටු වෙන්න යන්නෙ බං"

" සිරාවට? "

" ඔවු බං බට්ටිගේ Birthday ඒකට අපේ Mother sweetie invite කරානේ... දැන් ඉතින් අනිවා දැනගනී. අපරාදේ මගේ පැලෑන "

" උඹ එහෙනම් යන්න එපා කියපන් එච්චරයිනේ... උඹ කිව්වොත් අනිවා යන එකක් නෑ "

" එහෙමත් බෑ බං ෂුයන් මගේ ගෙදර කියලා පස්සෙ දැනගත්තොත් තව අවුල් එතකොට. හරි වෙලාව එනකන් එයා දැනගන්න ඕන නෑ... තාත්තා එක්ක තව ෆිට් කරන්න ඕන එයාව."

" එහෙනම් මොකද්ද කරන්නේ."

" බලන්න ඕන චෙන්. මගේ වෙලාව මේ දවස්වල හොඳම නෑ"

පාසල ආරම්භ වී ගුරුතුමා පන්තියට පැමිණිමත් සමඟ තිදෙනාගේම කතාබහ නතරවීය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාසල ආරම්භ වී ගුරුතුමා පන්තියට පැමිණිමත් සමඟ තිදෙනාගේම කතාබහ නතරවීය. පන්තියේ ඉන්නවාට වඩා ඊබෝ කළේ ශාන් ගැන කල්පනා කරන එකයි. අන්තිමට කල්පනා කරලා කල්පනා කරලා ඊබෝ හිතාගත්තේ ශාන් බට්ටිගෙ උපන්දිනේ දවසට ගෙදර ආපුදෙන් කියලයි. කොහොමත් දැනටමත් අම්මයි අයියයි බට්ටියි එයාට කැමතිනම් තාත්තත් එයාට කැමති වෙයි කියලා ඔහු විටෙක අනුමාන කළා. ශාන් තමන්ගේ පෙම්වතා ලෙස අයියා ශිචෙන් දැනගෙන සිටියත් අනෙක් කවුරුවත් ඒ බව නොදැන සිටි නිසා ඒ අනුමානයත් තිබුනෙ වැට උඩ. ඊබෝ හිතුවේ එක හිතින් කරන ආදරේට නපුරක් වෙන එකක් නැති වුනොත් වාසනාවක් කියලයි. නමුත් මවත් පියත් ඔහු කොලුපැටියෙක් ගෙදරට කැන්දන් එනවට කැමති වෙයිදෝ කියන බයටම ඊබෝට ඕන උනේ එයාලට තවත් ශාන්ව එකතු කරන්නයි. අනාගතේ වන්ග් ව්‍යාපාරයේ සම අයිතිය සතුවන හෙයින් ව්‍යාපාර අභිමානය පිළිබඳ තම පියා දුන් උපදෙස් අනුව යමක් කිරීමට පෙර ඊබෝට සිතන්නට සිදුවී තිබුණි. නමුත් ඔහු ආදරේදී කිසිත් නොසිතාම ශාන්ගේ ජීවිතේ බාර ගත්තත් ඊබෝට ඔහුව තමා තුරුලට සදහටම ගන්නටනම් කළයුතු කටයුතු බොහොමයක් දෑ ඉතිරිව තිබුණි.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now