59. ශැන්හයි අහසට... 🌹🐰🦁

280 102 56
                                    

🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හෙලෝ තාත්තී... ඇයි මේ හදිස්සියෙම.... මොකුත් ප්‍රශ්නයක්ද...."

"ශිචෙන් පුතා... ඉස්සෙල්ලා කියන්න මල්ලි ඉන්නවද... Phone එක වැඩ නෑනේ...."

"ඇයි තාත්ති මොකද අවුල..."

"මල්ලිට දෙන්න phone එක"

"මල්ලි තාම යාලුවගෙ ගෙදර තාත්තී.. ඇයි මේ හදිස්සියෙම....

"හදිස්සියක් නැත්තෙමත් නෑ පුතා... එකා තාම ගෙදර ආවෙ නැද්ද... "

"හෙට එනව කිව්වෙ... ඇයි තාත්ති...?"

"චොන්චිං වල NEWS එකක් ආරංචි උනා.. මල්ලි ගියේ එහෙ නේද... අර චාඕ චොන්චිං වලදි පොලිස්සියෙන් අල්ලලා... මොකක්හරි ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා... මට බය අපේ එකත් ඕවට පැටලෙයිද කියලා "

"මං එහෙම එකක් දන්නෑ තාත්ති... මල්ලි යාලුවො දෙන්නෙක් එක්ක ඉන්නෙ... හෙට එනව කිව්වනේ මල්ලි... බයවෙන්න දෙයක්නෑ.."

"ආ... හරි හරි.... මං ඉක්මනට එනවා... ලැබුන ආරංචිය එච්චර හොඳ එකක් නෙමෙයි පුතා... ඒකයි හදිස්සියෙම ගත්තේ..."

"ආ... තාත්ති බයවෙන්න එපා... මෙහේ අවුලක් නැ... කොහොමද තාත්ති ගිය වැඩේ...."

"වැඩ ටිකනම් හරි... හෙට එන්න හිටියේ... ඒත් හිතවත් කෙනෙක් මගෙ ෆැක්ට්‍රියට අලුතින් ජොයින් වෙනවා හෙට... ටිකක් ඒ ගැන බලන්නෝන... අනිද්දා පාන්දර වෙද්දි ගෙදර එන්න පුළුවන් වෙයි...."

"හරි තාත්තී...හරී...."

"පුතා.... මල්ලිට ඉක්මනින් ගෙදර එන්න කියන්න... ඔය කොහෙවත් යන කොල්ලො එක්ක රවුම් ගහන්නැතුව මං කියන විදියට ඉන්න කියන්න..."

"තාත්තී... ඇයි එහෙම කියන්නේ..."

"නෑ ලොකු පුතා... එයාට ලූයංග් දුව හරියන්නැත්නම් මගෙ හොඳ අදහසක් තියෙනවා යාලුවෙක්ගෙ පුතෙක් ගැන. පුතා මල්ලිව ඉක්මනින් ගෙදර ගෙන්න ගන්න... ඔය කොහෙවත් යන එවුන්ට මල්ලිව අහුවෙන්න දෙන්න බෑනේ ලොකු පුතා... ඔයා දන්නවනේ ඔයා ඇමරිකා ගියාම අන්තිමට මට ඉන්නෙ ඕකා විතරයි... මේ දේවල් පිට යන්න දෙන්න පුළුවන්ද... ඔයා මල්ලිට තේරුම් කරන්න... අනික මං දෙයක් කරන්නෑ හිතන්නෙ මතන්නෙ නැතුව..... "

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now