22. කෙටි පණිවිඩය 🦁🐰🤔

519 173 37
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"ඊබෝ... ඊබෝ... ඊබෝ... මොකද මේ.... අඬන්න එපා අනේ... මුකුත් උනේ නෑනේ... කොහෙද රිදෙන්නේ.... . බෝදී... . කෝ මේ බලන්න "

වුන දේට තාමත් වෙවුලන පපුව චුට්ටකට පත්තකට කරලා ශාන් ඊබෝගෙ මුලු මූණම දැතට ගත්තා.

"මේ බලන්න බෝබෝ... අපි දෙන්නම හොඳින් කෝ කොහෙද රිදෙන්නේ... "

ඊබෝ පපුවට අතක් තියාගත්තා . ශාන් ඒ අත උඩින් අත කියලා බොහෝ හති දමන මුව ඔසවා ඒ මත පුංචි හාදුවක් කියලා නැවතත් වැළඳගත්තා

" බය වෙන්න එපා බෝදී මුකුත් වෙන්න තරම් අපි පවු කරල නෑනේ..."

"තව ටිකෙන් අපි දෙන්නට මොනවද වෙන්න බනී . මට මං ගැන දුක නෑ ඒත් මගේ බනිට අද තුවාලයිත් එක්ක."

  " නෑ බෝදී නෑ... ඒක රිදෙන්නෑ මීට වඩා වේදනා විඳල තියෙනවා මං ."

"යං කෝ First Aid Box එක " ඊබෝ ශාන්ව ඇඳ උඩින් වාඩි කරවලා වටපිට බැලුවා.

"අර කබඩ් එකේ "

ඊබෝ උණු වතුර ටිකකුත් අරන් ඇවිත් ටවල් එකක් තෙමලා ශාන්ගේ  තුවාල වුන වැලමිට වටෙත්, අත් දෙකමත් උණුසුම් වතුරෙන් තැව්වා .

"ශර්ට් එක ගලවමු"

ඊබෝම ශාන්ගෙ ෂර්ට් එකත් කලිසමත් ගලවලා දාලා බලද්දි පිට පැත්තට වෙන්නත් පපුවේ තැන් දෙකකුත් රතුවෙලා තැලුම් පහරවල් පේන්න තිබුනා. ශාන්ට නොපෙනෙන තරමට ඇස් කඳුළු වලින් බොඳවුනත් ශාන්ට නොපෙනෙන සේ ඒවා පිසදාගෙන ඊබෝ උණු වතුරෙන් ඒතැන් පිස දැම්මා .

"බෝදි... කවිද බෝදී අර මිනිස්සු"

"මිනිස්සු කියන්නෙපා බනී.. උන් මැරයෝ . දැක්කද හැම එකාම ටැටු ගහලා මාල දාලා . කාගෙහරි ඕඩර් එකකට එන්න ඇති . මට හිතෙන්නේ වෙන් චාඕගේ චක්ගෝලයෝ . "

" එතකොට අර අනිත් උන් ටික උන් පාරෙ ගිය උන් ටිකක්ද බෝදී "

"වෙන්න බෑ මොකද උන් ඔක්කොම හරියට දැකලා නැතත් එකෙක්වනම් මට ටිකක් නෝට් "

"කව්ද ? ඒ කොහොමද ? "

" අද දවල් මං ඔයාට call කරේ ඒ වෙලාවේ අර තැඹිලි පාට ස්කාෆ් එකක් බැඳපු දෙන්නෙක් අපේ ගේට් එක ගාව කැරකුණා ."

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now