13. මෙහෙම ටිකක් ඉන්න බනී🥰

591 183 44
                                    

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

      නැවත පාසල වෙත පැමිණෙන විට Lunch time එකත් ඉවර වේගෙන ගිහින් තිබුණ නිසා පාසල් කාර්යාලයේ හැකි ඉක්මනින් පැමිණීම සටහන් කර තැබූ ඊබෝ දිව ගියේ ශාන්ව සොයාගෙනයි . ඒ වනවිටත් මිතුරන් නොමැතිව ශාලාව කොනේම මේසයට වී එළිය දිහා බලාගෙන ඉන්නවා දැකපු ඊබෝ ශාන් ළඟටම ගියා

 ඒ වනවිටත් මිතුරන් නොමැතිව ශාලාව කොනේම මේසයට වී එළිය දිහා බලාගෙන ඉන්නවා දැකපු ඊබෝ ශාන් ළඟටම ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ආවා " ඊබෝ ශාන්ගෙ මූණ බලාගෙනම ඉඳ ගත්තා

"ඊබෝ....!, මොකද උනේ "

" මං ගියා ලබන අවුරුද්දෙ මගේ competition එකට Register වෙන්න . ටිකක් පරක්කු වුනා "

" Dancing ද? "

" නෑ ... Motorcycle Race එකකට "

"wow නියමයිනේ, කවද්ද competition එක"

" ජනවාරි වල , practice කරන්න ඕන තව "

" ඒකද උදේ පිඹගෙන ආවේ "

" නෑ ඒ එක්කෙනෙක්ට Practice කරවන්න"

"කාටද"

"මගේ ඉස්සරහින් ඉන්නෙ... අන්න එයාට"

"එයාට මොනවද"

"මාව බදා.......ගන්න "

"ම්ම්ම්ම් තවත් නෑ "

" බලමුනේ... "

"ඊබෝ...!!!!."

" හහ් හහ් හහ්... "

"හ්ම්මි .. කෑවද ඊබෝ ඔයා "

"නෑ තාම "

" මං අරන් එන්නම් " ඊබෝ හනිකට ඔලුව වැනුවා.

ශාන් කෑම ප්ලේට් දෙකක්ම අරන් එද්දි ඊබෝ පුදුම උනා

"ඔයා කෑවෙත් නැද්ද..."

"නෑ තාම... ටිකක් පරක්කු උනා. මටත් පොඩි වැඩක් තිබුනා"

කතාව ඇත්ත උනත් ශාන් ආවේ කන්න පුළුවන් වෙලාව තියෙද්දි. ඒත්... ඊලඟ පීරියඩ් එකේ බාරදෙන්න ඕන පැවරුම ශාන් කරල ඇවිත්, යූබින්ටත් ඉතුරු වෙලා තිබුණි පැවරුම මතක්කරලා ඔහු පන්තියට යැව්වෙ, ටිකක් වාඩිවෙලා ඉදන් ඊබෝ එනකන් බලන් ඉන්න. බඩගිනි තිබුනත් උදේ ඉඳන් කොල්ලගෙ හිත මොකක්දෝ හැඟීමකින් පිරිලා තිබුන නිසා ඊබෝ එනකොට ශාන් හිටියේ උදේ දැක්ක හීන ලෝකේ අතරමං වෙලා.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now