43. උපන්දින සාදය... 🐰🎉🦁

389 128 68
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

හැන්දෑවේ 6ට ළඟා වෙද්දිම මව පියා සහ බට්ටි ඇනී ආන්ටිත් සමඟ නිවසින් සාදය සඳහා පිට විය. නිවසේ ඉතුරු වුනේ ඊබෝත් ෂූයන්, චෙන් සහ නිවසේ සේවයට සිටි යුන් ආන්ටිත් තවත් ආරක්ශකයින් තිදෙනෙකුත් පමණයි. ඔවුන් සාදයට නොගොස්ම නිවසේ ආරක්ෂාවට කටයුතු කළේය.

සාදයට පැමිණි බොහෝ අමුත්තන්ගෙන් අලංකාරවත් ලෙස සරසා තිබූ ශාලා පරිශ්‍රය පුරා පිරී ඉතිරී ගොස් තිබූ අතර වෙරළ ආසන්නයේ එය පිහිටි නිසා සාදය ආරම්භ කරන තුරු ඔවුන්ගේ කුඩා දරුවන් වෙරළ පුරා සෙල්ලම් කරමින් සිටිනු පෙණුණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සාදයට පැමිණි බොහෝ අමුත්තන්ගෙන් අලංකාරවත් ලෙස සරසා තිබූ ශාලා පරිශ්‍රය පුරා පිරී ඉතිරී ගොස් තිබූ අතර වෙරළ ආසන්නයේ එය පිහිටි නිසා සාදය ආරම්භ කරන තුරු ඔවුන්ගේ කුඩා දරුවන් වෙරළ පුරා සෙල්ලම් කරමින් සිටිනු පෙණුණි.

සැඳෑ අන්ධකාරයට විදුළිපහන් දල්වන ලද අලංකාර උත්සව ශාලාවට සියල්ලෝම එකතුවනවිට කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ සිනා හඬ මැද බට්ටි ද සිටියේ ලස්සන සුරංගනාවියක ලෙස හැඩවීය. ඇය ඇයගේම කුඩා මිතුරු මිතුරියන් වටකරගෙන සිටියදීත් විටින් විට ඇස් කැරකුවේ තම ආදරණීය සොහොයුරා වන ඊබෝද පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඇය නිවසින් පිටවුයේ මවටත් හොරාම කාමරයට රිංගාගෙන ඊබෝට සාදයට එන ලෙස පොරොන්දු කරගෙනයි.

" Good Evening Uncle...! Good Evening Untie..! කොහොමද ඉතින්..."

" Good Evening යැංසි දුව... අපි හොඳින්.. කොහොමද කොහොමද ඔයාට...? කොරියා ගිහින් ආව කිව්වා නේද මොකද අපේ පැත්තෙ ආවෙ නැත්තේ...? " වන්ග් මහතා හා මහත්මිය ඇයට එකටම සුබ පැතූ අතර වන්ග් මහත්මා යැංසි හා සිනාමුසු මුවින් කතාකරන්නට විය. කුඩාකල සිට ඇයද වන්ග් නිවසේ ද සුරතලියකව සිටියාය.

" ආව දවසෙ ඉඳන් පාඩම් වැඩ එක්ක බිසී උනා අංකල්... මෙහේ ස්කූල් එකට ආයේ ගියානේ... දැන් මේ ආවේ... " යැංසි වන්ග් මහත්මියගේ අතේ එල්ලුනේ කොමල සිනාවක්ද පාමිනි.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now