37. පුදුම හතෙන් එකක්..🦁🌹🐰

432 150 48
                                    

☁️☁️🌤☁️☁️

රැය පහන් වී උදෑසන උදාවෙත්ම ආහාර ගෙන පිරිස හෝටල් පරිශ්‍රයේන් පිටව යන්නට වුනේ වෙන්සන් හට ස්තූති කරමිනි. අසල සිටි වෙන්හන් දුටු ඊබෝ සැනෙකින් බැලුවේ ශාන් දෙසයි.

නමුත් ශාන් ඔහුව මගහැර බිම බලා සිටිනු ඊබෝ දුටුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නමුත් ශාන් ඔහුව මගහැර බිම බලා සිටිනු ඊබෝ දුටුවා. කෙසේ නමුත් වෙන්හන් ඊබො දෙස බලා තම මිතුරන් හා කතාබහට එක් වී සිටි හෙයින් ඊබෝ පේන්නත් එක්කම නිදහසේ ශාන් හා අතැඟිලි පටලවාගෙන පැමිණ යතුරු පැදියට ගොඩ වුනා.

Apartment එකට පැමිණි විගස ඇඳ මත පෙරලුන ඊබෝ තම මවට ඇමතුමක් ලබා ගත්තේ දහවල් වී නිවසට පැමිණෙන බව දැන්වීමටයි. ශාන් විසින් සාදාදුන් රසවත් දහවල් ආහාරයද රසවිඳ ඔහු නිවසට පැමිණෙන විට දහවල් එකත් පසු වී තිබුණා. ඉරිදා දිනයක් වූ නිසා තම සොහොයුරා ශිචෙන්ද නිවසේ විවේකීව සිටියා. තව දින දෙකකින් උදාවෙන බට්ටි නංගිගේ උපන්දිනය ගැනත්, ආගිය තොරතුරු මෙන්ම වෙන් චාඕගේ තොරතුරු ගැනත් කතාබ කළ ඔවුන් හවස් වරුවේ මිදුලේ තිබූ අලංකාර බෙන්ච් එකට වී කාලය ගත කළා. ඒ අතරතුර සිදුවූ කතාබගේදී ඔහු පවසා සිටියේ තව දින හතරකින් පමණ ඔහු බන්ධනාගාරයෙන් නිදහස් වන බවයි. ඉදිරිපත් කළ අභියාචනාවට අනුව ඔවුහු නියමිත දිනයට පෙර නිදහස් වීම ගැන ඊබෝ තරහහෙන් පුපුරන්නට වුවත් සෑම අතින්ම ශාන් සහ තමන් ප්‍රවේශම් වීම දැනට කළ හැකි ලොකුම දේ ලෙස අවබෝධ කරගත්තා.
ශිචෙන් පවසන අන්දමට වෙන් චාඕ හට මේ මොහොතේ නීතියෙන් ගැලවීමක් ලැබුන ද තවදුරටත් කුමන හෝ අපරාධයකට සම්බන්ධ වී හසු වුවහොත් එම ඇප අහෝසි කර සියල්ලටම එකතුව නියම කරන දඬුවම්වලට යටත්වීමට සිදුවන බව නීතිඥවරුන්ගේ නිගමනය වී තිබුණා. ඔහුට ඒ පිළිබඳ දැඩි උපදෙස් ලබා දී තිබුණු බවත් පියාගේ පාර්ශ්වයෙන් ගත් කල ඔහුගේ පියා ද ව්‍යාපාරික ලොව බලවතෙකු වූ හෙයින් ඔවුන්ගේ ව්‍යාපාර අභිමානයට හානි වන පරිදි කටයුතු කිරීමෙන් වැළකී සිටීමටද වෙන් චාඕ හට දැඩි ලෙස උපදෙස් ලබා දී ඇති බවත් දැනගැනීමට ලැබී තිබුනා.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now