54. කතාකරන රෝස මල්.. 🌹🥰

327 118 45
                                    

🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

මේ ගෙවෙන්නේ වැසි කාලයයි.. කියන්න සන්තෝසයි උදේ වනතුරුත් අඩුවක් නොතිබ්බ වර්ශාව තවමත් එක දිගටම පොළොව බදාගත්ත ගමන්මයි... සීත කාලයට පෙරාතුව එළබෙන වැසි කාලය චොන්චිං ප්‍රදේශය දවස පුරා වැහි බීරානියත් සමඟ එක්වී දවස ගෙවන්නේ පරිසරය සියොළඟම හිරි ගන්වන සීතලකට ගුලි කර ගනිමිනි.
පුංචි කුමාරයෝ දෙදෙනාද එලෙසම ගුලි වී බදාගෙන ම නින්දේය.

උදෑසන පහ පමණ වනවිට යාන්ලීගෙන් ලැබුන දුරකතන ඇමතුමත් සමඟ ශාන් අවදි වූයේ ඇඟමැලි කඩමිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උදෑසන පහ පමණ වනවිට යාන්ලීගෙන් ලැබුන දුරකතන ඇමතුමත් සමඟ ශාන් අවදි වූයේ ඇඟමැලි කඩමිනි. සිනාමුසුව නමුත් සන්සුන්ව ඊට පිළිතුරු දුන් ශාන්ගේ වෙනස අක්කා යාන්ලී දැනගෙන මෙන් එහාපසින් ඇයද සිනාසෙනු යාන්තමින් ශාන්ට ඇසුණි.

පෙර දින තම සොඳුරු ආදරවන්තයාගෙ උපන්දිනය වූ නිසා විශේෂ යමක් සිදු වන්නට ඇතැයි යාන්ලී සිතන බව ශාන්ට දැනී ඔහුද රහසේම සිනා සඟවාගත්තේය.

"අක්කා... මොකද කතා නැතුව හිනා වෙන්නෙ... පිස්සුද හැටිද අහ්???"

ඊබෝ තවමත් නින්දේය. ශාන් ඔහුගේ පපුවට වී රහසේම කතාකළේය.

"නෑ.. මේ නිකන්... කොහොමද බලන්න ගත්තෙ... "

"තියනවා තියනවා... අපි තව ටිකකින් එනවා.."

"පිස්සුද අහ්.... මේ වැස්සෙ... අඩියක් තියන්නෑ ගෙයින් එළියට... දන්නැද්ද කන්ද උඩ පාර ලිස්සනව කියලා වැස්සම.."

"බෑ බෑ... එහෙම කෝමද... අම්ම බලන්න ඇවිත් මෙහෙට වෙලා ඉඳලා හරියනවද ආ...?"

"මං ඒක බලාගන්නම්... පැනගෙන එයි කියලා තමයි මේ ගත්තේ පාන්දරම... ඔය පොඩ්ඩව අරගෙන බහින්නෙ එහෙම නෑ පාරට ඔන්න..."

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now