56. වංකගිරිය Part 1🥀🐰🦁

272 106 86
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

අහම්බෙන් දවසක් ඇහැගැටුන අහිංසක ශාන්ට කෙළ ගිල ගිල හිටපු සල්ලාලයට දෙවෙනි වතාවටත් අවස්ථාව උදාවිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහම්බෙන් දවසක් ඇහැගැටුන අහිංසක ශාන්ට කෙළ ගිල ගිල හිටපු සල්ලාලයට දෙවෙනි වතාවටත් අවස්ථාව උදාවිය...

ඔත්තු කාරයින් අපාර්ට්මන්ට් එකේ සිටම තැන් තැන්වල රඳවා හිටියද ශාන්ගෙ අලුත් නිවස ගැන ලිඛිතව සොයාගත් තොරතුරු මත සල්ලාලයා මිනිසුන් යවා ඔත්තු බැලුවේ ශාන්ගෙ අසල්වැසි නිවසකටද කිට්ටු වෙමිනි.

නමුත් ඒ වනවිටත් ශාන්, ඊබෝ සහ යුවාන් බින් සමඟින් නිවසින් පිටව ගොස් තිබූ නිසා ඔවුන්ට ශාන්ව මගහැරුණේය... නැතිනම් ශාන් හා ඊබෝ දෙදෙනාටම ඔවුන්ගේ මතක සැමරුම් කාමරය තුළදී කාටත් රහසින් කිසිඳු සළකුණක් හෝ නොතබා වෙන්ව යන්නට ඉඩ තිබුණි. ඔවුන් මොහොතක් ඉක්මන් වී තිබුනේ මොකද්දෝ වාසනාවකටය. එසේ නොවුනේනම් ශාන් හෝ ඊබෝ ගැන කාටවත්ම සොයා ගත නොහැකි වනු නියතය..

ඔවුන් පහල නිවසෙන් පිටව ගොස් විනාඩි ගණනකට පසු මුල් දින කෑම සූදානම් කළ අසල්වැසි නිවසට එළවලු ගන්නට යන මුවාවෙන් පැමිණ තොරතුරු සොයාගත් ඔත්තුකරුවන් ඊළඟට කැරකුනේ රෝහල් අසලයි.

නමුත් දවස පුරාවටම ඔවුන්ගේ පැමිණීම පිළිබඳ කිසිඳු තොරතුරක් නැති තැන රෝහල් දෙක තුනක කවුන්ටර මඟින් සෙව්වේ සොයාගත් ශාන්ගේ මවගේ නම නාමය පවසමිනි. අවසානයේ මව ප්‍රතිකාර ලබමින් සිටි මූලික රෝහලත් වාට්ටුවත් ඔවුන් සොයා ගත්තේය...

අනතුරුව උපක්‍රමශීලීව වූ සල්ලාල ජාවාරම්කාරයා තම ඔත්තුකරුවන් ආධාරයෙන් රෝහල් කාර්ය මණ්ඩලයෙත් ඊබෝගෙත් දෑස් වසා ශාන්ව රහසේම දැහ ගත්තේය...

ඒ වනවිට ඔහු පැය කිහිපයකට පෙර පැමිණ චොන්චිං ප්‍රදේශයේ තවත් ඔහුගේ ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු හමුවී ඔහු විසින් පවත්වාගෙන යන නිවාඩු නිකේතනයට පැමිණෙමින් සිටියේය...

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now