36. හදවතේ සිත්තම.. 🦁❤️🐰

414 141 69
                                    

❤️🌹❤️🌹❤️🔞❤️🌹❤️🌹❤️

ආපන ශාලාව තුළ රැඳී සිටි සියල්ලෝමපාහේ ඒ වන විටත් තම තමන්ගේ කාමර වලට ගොස් තිබුණු නිසා ශාන් සහ ඊබෝ පිළිබඳ කිසිවෙකුට සටහන් වූයේ නැහැ.

නමුත් ශාන් සහ ඊබෝ එක්වරම අතුරුදහන් වූ වේලාවේ කලබල වූ වෙන්සන් මිතුරන් ගෙන් විමසා වෙරළ තීරයට පැමිණෙන විටත් ශාන්  ඊබෝග පපුවට වී සිටීම නිසා රහසේම සුසුමක් සුළඟට මුසුකරමින් වෙන්සන් තම හෝටල් කාමරය වෙතට පිට වුනා.

නමුත් ශාන් සහ ඊබෝ එක්වරම අතුරුදහන් වූ වේලාවේ කලබල වූ වෙන්සන් මිතුරන් ගෙන් විමසා වෙරළ තීරයට පැමිණෙන විටත් ශාන්  ඊබෝග පපුවට වී සිටීම නිසා රහසේම සුසුමක් සුළඟට මුසුකරමින් වෙන්සන් තම හෝටල් කාමරය වෙතට පිට වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ වන විටත් ආපනශාලාවේ කොරිඩෝවේ සිට අහුලාගෙන ගෙනවිත් දැමූ තම සොයුරු වෙන්හන් කාමරයේ ඇඳ උඩ අතපය හතරම විසිකර දමා නිදා සිටි අයුරු දැක ඔහු අසලට වී ඔහුගේ හිස පිරිමදින්නට වුනා. තම සොයුරාගේ සිත බිඳි තිබුනත් ඔහු වෙනුවෙන් ලස්සන ආදරයක් වෙන් කරන්න වෙන්සන්හට හිතක් තිබුනෙ නැහැ. ඔහු උත්සාහ ගත්තේ දන්නා කාලයේ සිටම තම සොහොයුරාට මිරිඟුව පසුපස දුවන එක වැඩකට නැති දෙයක් බව තේරුම් කරන්නටයි. තමන් උත්සාහ ගත්තේ නම් ශාන් තමා ළඟට ගන්නට තරම් හැකියාවක් තිබූ වෙන්සන් ශාන්ගේ සතුට වෙනුවෙන් ඔහුගේ හදවත සඟවා ගනිද්දී ඔහු කිසිවිටෙකත් වෙන්හන් වෙනුවෙන් ශාන්ව රිදවීමට බලාපොරොත්තු නොවේ. දන්නා කාලයේ පටන් ඊබෝ ඔහුට අකමැති බව දන්නා නිසා ඔහු නිතරම වෙන්හන් හට තේරුම් කරන්නට උත්සාහ ගත්තා.

ව්‍යාපාර ලෝකයේ බලවතුන්ගෙන් කෙනෙක් වූ වෙන් ශූලියෝගේ වැඩිමහල් පුතු වූ වෙන්සන් තම පියාගේ ව්‍යාපාර වලට ද සහාය වෙමින් කටයුතු කළද ඔහුට වෛද්‍ය විද්‍යාව හැදෑරීමෙන් සිහිනයක් ඇතිවූයේ ශාන් පාසලේ දී ඔවුන් හා වැටි එකට ඉගෙන ගන්නා විට‍යි. ඉගෙනීමට ඉමහත් තරඟකාරී දක්ශතාවක් පෙන්නුම් කළ වෙන්සන් තම සොහොයුරාද විද්‍යා විශයන් තෝරාගනිද්දී ඔහු පසුපස ශාන් අසලින් සිටගත්තේ පියාගේ ව්‍යාපාර සඳහා අවැසි කළමනාකරණ උපාධියකට යන මාවත පසෙකලා පියාගේ ද නොකැමැත්ත මධ්‍යයේයි.  විද්‍යා විෂයමාලා හදාරමින් ශාන් හා මිතුරු වීමට අවශ්‍ය වූ ඔහු ශාන්ගේ අහිංසක බව සහ කඩවසම් බව මත ඔහුගේ රසිකයෙක් බඳු වූ අතර ඔහු ඒවා රස වින්දේ මොහොතක් දැනෙන්නට නොදී තම සිතැඟි සඟවා තබා ගනිමිනි. ඔහුට ශාන් තම පෙම්වතා වනවාට වඩා ඔහුගේ අහිංසක ජීවිතය ලස්සන වනවා දැකීමේ අපූරු හැඟීමක් තිබුණි. ඔහු මිතුරු යූබින්ගෙන් අසා දැන ගත් නොයෙක් ආකාරයේ තොරතුරු මත ශාන් පිළිබඳව ඔහුට තිබුණේ අනුකම්පාසහගත හදවතකි. ඔහු තම සිත රිදුනද ශාන් ඊබෝ සමග ආදරෙන් සිටිම දැක හිතාමතාම තම සිත පාලනය කර ගන්නට වූයේ අන් කිසි විටෙකත් කාගේ හෝ පෙම්වතෙකු වීම ශාන් ප්‍රතික්ෂේප කළ බව දැන සිටි නිසයි. නමුත් ඊබෝම තෝරාගත් විට දුක් වූයේ තමා ගැන නොව තම සොහොයුරා වන වෙන්හන් පිළිබඳවයි.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now