06. ඔයා නම් සුපිරියි...!😘🥰

683 202 49
                                    

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

     ඊබෝගේ යටි හිත ශාන්ව සිපගන්නට කියා බල කරද්දි ශාන්ගේ මොනව කරයිද, එයාව මගහරීද, තරහ ගනීද ඉවසපන් ඉවසපාන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     ඊබෝගේ යටි හිත ශාන්ව සිපගන්නට කියා බල කරද්දි ශාන්ගේ මොනව කරයිද, එයාව මගහරීද, තරහ ගනීද ඉවසපන් ඉවසපාන්...  කියලා ඊබෝගේ උඩ හිත ඊබෝට තදින් තරවටු කළා. ඒත් ඉවසන්නට බැරිම තැන ශාන්ගේ ගෙල පාමුල ශර්ට් කොලරය මතට දැනෙන නොදැනෙන තරමට දෙතොල තබා මොහොතක් හිදින්නට වුන ඊබෝ තවත් මොහොතකින් ඒ අත්දෙක ඉන දිගේ ශාන්ට සියුම් කිතියක් එක් කරමින් හෙමීට ලිහිල් වෙලා යද්දි ශාන් ආපහු හැරුනත් ඔහුට ඊබෝගේ මූණ පැහැදිළිව දකින්න උනේ නෑ. එයා දුවලා ගිහින් යාලුවට එකතු උනා.

ශාන්ට දැනුනේ පැය විනාඩි තත්පර එක මොහොතෙම නතර උනා වගේ. එයා මූණත් හංගන් ගියාම දැනුණේ මහා හිස් බවක්. ඔහු ඒ ගිය මග දෙස බලා සිටියේ එක්වර කිසිත් සිතාගන්න නොහැකිවයි.

       දුවල ගිහින් අයිමත් ඒ උණුසුමට හොයන්න තරම් ශාන්ට හිතුනත් කරන්න දෙයක් නෑ මේක ඉස්කෝලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

       දුවල ගිහින් අයිමත් ඒ උණුසුමට හොයන්න තරම් ශාන්ට හිතුනත් කරන්න දෙයක් නෑ මේක ඉස්කෝලේ... අනික එයා කොල්ලෙක්... දඟ මල්ලක්... ඇයි කවදාවත් නැතුව මෙහෙම උනේ. ඇයි එයා මාව තුරුල් කරගත්තේ... ශාන්ගේ ඔලුවේ ප්‍රශන පත්‍රයක්ම දිගහැරුණා. ශර්ට් එකට උඩින් උනත් ඒ දැනුනේ ඔහුගේ දෙතොලේ පහස තමයි කියලා ශාන්ට යන්තම් දැනිලයි තිබුනේ. ශාන් නොදැනුවත්වම ඒ හැඟීමට ආස කළා . ඒත් මොන හැඟීමක් දැනුනත් ශාන්ට සිද්ද වුනා ආපසු හැරිලා පන්ති කාමරේට යන්න. ඒත් ඒ ගතවුන එක මොහොතක් කල්පයක් වගෙයි එයාට දැනුනේ...

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now