12.අනේ මගේ කැරට් කෑල්ල🐰🥕‍🦁

670 189 67
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය නවතා හැකි ඉක්මනින් පඩිපෙළ නැගලා ඊබෝ Apartment එකේ දොරට තට්ටු කළා . රෑ දොළහත් පහුවෙලා නිසා වටපිටාවෙ හොඳ වෙලාවට කවුරුවත්ම හිටියේ නෑ. නැත්තම් මේ මහ රෑ හොරෙක් කියලා අල්ලගන්නවා ශුවර් .

තවත් වරක් තට්ටු කළා .
'මං හිතන්නෙ හරි මේක තමයි තැන . ශාන් ඔයා නිදිද අනේ නැඟිටින්න ' ඒත් එක්වරම දොර විවෘත වුනා.

"ඊබෝ ඔයා... , මේ රෑ කොහොමද තැන... "

ශාන්ට කතාව ඉවර කරන්න උනේ නෑ ඊබෝ ඉක්මනට ශාන්ගෙ සිනිදු තොල් දෙක අයිති කරගත්තා . පයින් ගහලා දොර වැහුව ඊබෝ ශාන්ව තල්ලු කරගෙනම බිත්තියට හේත්තු කළා .

"ඊ ... බ් " නෑ ශාන්ට ඉඩක් නෑ... ඉඩක් නොදීම ඒ තොල් එක්ක ඊබෝ තරඟයක්. සීමාවක් නැතුව සිපගන්න දෙතොල් ශාන්ව රිදවනවා ඇතැයි සිතමින්ද ඊබෝ ඒ දෙතොලේ පහසම සෙව්වා .

එක පාරටම තව තවත් තම ඇඟට බර වෙන ඊබෝව පුළුවන් තරම් වෙර යොදලා ශාන් තල්ලු කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක පාරටම තව තවත් තම ඇඟට බර වෙන ඊබෝව පුළුවන් තරම් වෙර යොදලා ශාන් තල්ලු කරා.

"පිස්සුද?" .

ඊබෝගේ අත හයියෙන් වැදුනේ මේසේ කොනේ.

" ආ ... යී ... " ඊබෝ එයාගෙ අත දිහා බැලුවා

" ශාන් ... ශාන් ... ශාන් ... "

අත දිහා බලපු ඊබෝ බැලුවෙ වට පිට. ඒත් ශාන් නෑ . පුරුදු කාමරේ පුරුදු ඇඳ උඩ අතත් අල්ලගෙන කොල්ලා වාඩිවෙලා

'ඌයි රිදෙනවා , කෙහෙද වැදුනේ , ඇඳ මේසේ '

ඊබෝ හීනෙන් දඟලපු පාර අත වැදිල තියෙන්නේ ඇඳළඟ මෙසේ කොනේ .

"ඕ ... ෂිට් , යකෝ එකත් හීනයක්ද "

ඊබෝ යාන්තමින් වගේ වැටිල තිබුන උදේ එළියට එයාගෙ කාමරේ වටපිට ආයෙත් බැලුවා . එයා දැක්කෙ සීන් එක දැක්ක පීටර් පෑන්නුත් කොල්ලට හිනා වෙනවා වගේ . ඊබෝට තරහයි හිනහයි . ඔලුවටත් ටොක්කක් ඇනගත්ත කොල්ලා අයිමත් හාන්සි වෙලා phone එකෙන් වෙලාව බැලුවා වෙලාව උදේ 5.07යි.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now