30. මං ඔයාට ඉන්නවනේ..🦁🐰🌹

397 148 72
                                    

🌹❤️🌹❤️🌹💚❤️🌹❤️🌹❤️

    ඊබෝට තනියම පාඩම් කරන්න හිතුනෙම නෑ. ශාන් වෙන් වෙන්ව කෑම දමා තිබූ ලොකු කෑම අසුරණය විවෘත කරලා සියල්ල රත් කරන්න සූදානම් කරද්දි ඊබෝ ගිහින් ශාන්ගේ පිටතට හේත්තු උනා.

"මගේ WiFi ඔයා හරි Sweeeeet..." ඊබෝ කිව්වෙ ශාන්ගේ ගෙල පිටුපසට පුංචි හාදුවක් තියන ගමන්

"කවුද WiFi....? ඔයා තමයි මගෙ WiFi..." ශාන් ඊබෝගේ ඔලුවට එයාගෙම ඔලුවෙන් තට්ටුවක් දැම්මා...

"ආ... හිතේ ඇති...." ඊබෝ කිව්වේ ශාන්ගෙ ඉන දෙපසින් අල්ලලා කිති කවනගමන්.."

" ඒයී දෙනව දෙකක් හරි..." ශාන් ඊබෝව අතින් ඇදලා අරන් ෆැන්ට්‍රි කබඩ් එකට තියලා හිර කරගත්තා...

"දැන් මොකද කියන්නේ......ආ....?!" ශාන් ඊබෝගෙ ඇස් දෙකට එබුනා ඊබෝ හිතන්නත් කළින්. ඊබෝ ඒ අඩ අඳුරෙත් දිළිසෙන ශාන්ගේ ඇස් දෙක දිහා හිනා මුණෙන්ම බලන් හිටියා. ඒත් ඒ ඇස් දෙක ටික ටික ලං වෙද්දි වැඩිපුරම ගැහෙන්න ගත්තේ ඊබෝ පුංචි හදවතයි. ඊබෝ නොදැනීම දෑස් පියාගත්තේ බලාපොරොත්තු නොවුනු ශාන්ගේ හැසිරීමත් එක්ක.

"බෝ....දී....." ශාන් රහසින් කතාකළා.

"ම්ම්ම්..."

"දොයිද..."

"හ්ම්ම්ම්"

ශාන් යාන්තමින් හිනා වෙමින් තම මහපටැඟිල්ලෙන් යාන්තමින් ඊබෝගෙ ඇස් පිහාටු ස්පර්ශ කරලා කම්මුල පිරිමැද්දා. ශාන් දැක්කේ එයා ලස්සන සුදු බෝනික්කෙක් වගේයි. ශාන්ටත් ශාන්ගේ හිත පාලනෙන් තොර වෙද්දි ඊබෝගෙ සෙලවෙන තොල්පෙති වලට බර වුනා.

වෙනද බයෙන් ගැහෙන ශාන්ගේ මේ දඩබ්බර සිපගැනීමට පුදුම වුන ඊබෝ පරාජය බාරගන්න කැමැත්තක් තිබුනෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙනද බයෙන් ගැහෙන ශාන්ගේ මේ දඩබ්බර සිපගැනීමට පුදුම වුන ඊබෝ පරාජය බාරගන්න කැමැත්තක් තිබුනෙ නෑ. ඊට නොදෙවැනි විදියට ශාන් සමඟ දෙතොලින් සටන් කරන්න ගත්තා. ඊබෝ ශාන්ව තදින් අල්ලගෙන ශාන්ගේ ඇඟට බර වෙද්දි නොදැනුවත්ම ශාන් පිටුපසට බරවුනා. එවිටම ලද අවස්ථාවෙන් ශාන්ව කරකවා ෆැන්ට්‍රියට හිර කරගත් ඊබෝ ශාන්ව තමන් යටතට ගත්තා. උඩු තොලින් යටි තොලටද, යටි තොලින් උඩු තොලටද තරඟෙට මාරු වෙමින් දත් අගටද දෙතොල් අල්ල සපමින් සිපගත් ඊබෝ මදක් ගැස්සුනේ ශාන්ගේ කෙඳිරි‍යක් එක්ක...

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now