57. වංකගිරිය Part 2 🌹🐰🦁

301 103 69
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹
( බෝනස් )

ශාන් ඇමතුමේම සම්බන්ධ වී සිටියදී පිටතින් ඩේව්ගේ කටහඬ ඇසිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් ඇමතුමේම සම්බන්ධ වී සිටියදී පිටතින් ඩේව්ගේ කටහඬ ඇසිනි... දුරකතනය සඟවාගෙන පිස්තෝලයද අතැතිව ශාන් ඉක්මනින් යතුරු සිදුරෙන් පිටත බැලුවේය...

"මහත්තයෝ... මං ඩේව්... කවුරුත් නෑ..."

ශාන් දොර ඇරිය විගස ඩේව් ඇතුළට පැනගත්තේය. ශාන්ද එයට ගැස්සී ගියේය..

"අහන්න මහත්තයෝ..... උඩම නවදෙනෙක් ඉන්නවා... තව ටිකකින් ඩීලර්ස්ලා එනවා පහලට.... එතකන් අපිට ඉන්න වෙනවා... උන් කෙල්ලො එකා එකා අරන් කාමරවලට රිංගගත්තම අපිට උඩ තට්ටුවට විතරක් යන්න පුළුවන්..."

"හරී... එතකොට පාර දන්නවද හරියටම..."

"මේකේ එළියට යන්න පාරවත් තුනක් තියෙනවා. වගේ... ඒත් මං පෙට්ටි කරගහන පාර විතරයි දන්නේ.... ඒ පාරේ... හැබැයී ඩීලර්ස්ලා එන්නෙත් ඒ පාරේ මං හිතන්නේ...."

"ඒ කියන්නේ යන්න අමාරුයි..."

"අමාරුයි නෙමෙයි පට්ට අමාරුයි.... මේකේ ලොක්කොන්ට හැර අපි වගේ සොක්කොන්ට යන්න බෑ.... මුර කාරයො යක්කු...."

"හරි දන්න විදියට මට පාර කියන්න..."

"මෙතනින් පස්වෙනි පඩිපෙළෙන් පින්තූරයක් තියෙනවා.. ඒක පිටිපස්සෙ තමයි පාර... ඒක ඉවර වෙන්නේ රිසෙප්ශන් එක පිටිපස්සෙ කාමරේ අල්මරියෙන්... ඒ අතරේ හෝල් දෙකක් තියෙනවා ඒවයි කාමර තියෙනවා... ඒ එකක තමයි හරි පාර තියෙන්නේ.... අනික් ඒවා කැරකිලා මෙතෙන්ටම වැටෙනවා.... ඒ හැම එකක්ම මුන්ගෙ ගබඩා"

ෂූයන් රහසේම සියල්ල අසාගෙන සටහන් කරගත්තේය...

"මොකද්ද මේකට කියන නම...නමක් තියෙද...."

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now