58.ආදරණීය තිලිණයක්..🥰🎁🦁🐰

300 111 150
                                    

🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

නිවසට යනතෙක් ශාන් ඊබෝගේ ඔඩොක්කුවේම දිග නින්දක ය... ඒක කොච්චරද කියතොත් තොවිල් හතක් නැටුවත් අවදි කරගත නොහැනි තරම් විය... ඇඟේ තිබුන තෙහෙට්ටුවටයි වේදනාවටයි එක්ක ශාන් කෙඳිරි‍ගෑවා මිස ආසාවට ඇහැක් ඇර බැලුවේ ම නෑත... අන්තිමේදි අහිංසක බෝ පැටියට උනේ අමාරුවෙන් හරි අත් දෙකටම මේ හා හා හරි හා පැටියව උස්සගෙන යන්නට ය...

 අන්තිමේදි අහිංසක බෝ පැටියට උනේ අමාරුවෙන් හරි අත් දෙකටම මේ හා හා හරි හා පැටියව උස්සගෙන යන්නට ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඊබෝ මල්ලී.... මොකද මේ...."

යාන්ලී අක්කා කලබලෙන් වගේ පුංචි බඩගෙඩියත් උස්සගෙන සැමියා සමඟ පෙරමගට එද්දි ඊබෝ අමාරුවෙන් උනත් හිනාවක් මුහුණට අරගෙන ශාන්ව අරන් ඉස්සර විය...

රාත්‍රි දොළහ පසුවී තිබුණත් මෝටර් රථයේ හඬට දෙදෙනාම නිවස ඉදිරිපිටට ආවේ කලබලෙන් මෙනි. යූචෙන් අයියා නම් මගින් මගට තත්වය පිළිබඳ බින්ගෙන් ඇසූ නිසා යාන්ලී අක්කාද යමක් දන්නේදැයි ඊබෝ කල්පනා කළේය.

"ආ... ඒකා ඔය නිදිකුම්බරේ වගේ නිදාගෙන හිටියේ අක්කේ... ලෝබකමට උස්සගෙන ඇවිත්..."

බින් කතාව සමතයකට පත් කළේ යුවාන්ගෙ පස්සෙන් කාමරේට නගින ගමන් ය...

"යාන්ලියෝ.... කෑවෙ නෑ අක්කියෝ..."

යුවාන් කෑ ගසාගෙනම බින්‍ව කාමරේට ඇදගෙන දොර වසා දැමුවේය... යුවාන්ට කෙසේවෙතත් බින්ට නම් ඇඟේ පතේ රුදාව අඩු නැතුව තිබුනි... චන්ඩියෙක් නොවුනත් කොහේදෝ තිබුන චන්ඩිකමක් ඇඟට අරන් තඩි පොල්ලකින් සලක සලක ශාන්ව සොයා ගිය ගමනේ බින්ටත් දෙතුන් පාරක් කන්න උනේ නැතුවාම නෙමෙයි.

නමුත් යුවාන් පුළුවන් විදියට උන්ගෙ තට්ටෙ පලා බින්ට සපෝර්ට් එක දුන්න නිසා දෙන්නටම යන්තම් අතපය හතර යහතින් තියාගෙන ගෙදර එන්න පුළුවන් උනා... මිනිස්සු අතරෙන් දුවගෙන ගිය නිසා දෙන්නටම තුවක්කු කාරයින්ගෙන් ගැලවෙන්න පුළුවන් උනේනම් පෙර වාසනාවකට ය.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now