05.මං ඔයාව ගිලින්නද බනී...? 🥰

946 203 46
                                    

🎼🎼🎼🎼❤️🎤🐰❤️🎼🎼🎼🎼

      ප්‍රධාන රංග ශාලාව පිරිලා ඉතිරෙන තරමට පාසල්වල සිසුන් හා ගුරුවරුන් අසුන්ගෙන සිටි අතර ඉදිරිපෙළ විශේෂයෙන් ආරාධිත අමුත්තන්ට හා විනිසුරු මඩුල්ලට වෙන්වී තිබුණා . පාසලේ ගීතය සහ පිළිගැනීම් කතාවට පසු ප්‍රථමයෙන් ආරම්භ වූයේ ගායන තරඟයයි . වෙනත් පාසල්වල ශිෂ්‍යයින්ට මුලින්ම අවස්ථාව හිමිව තිබූ අතර වෙන් හන් , ශියාඕ ෂින්  හා ෂියෝ ශාන් තම ශාන්ත ඇන්තනී පාසල නියෝජනය කරන්නට සූදානම්ව සිටියා

පැමිණ සිටිය පිරිසගේ ප්‍රීති ඝෝශා මැද්දේ තරඟකරුවන් තරඟ වදින අතරතුර ඊබෝ සෙව්වෙ එයාගෙ බනීව. ඒත් පේන්න නෑ. ගායන තරඟ අවසන් වීමට ආසන්න වනවිට බ්‍රයන් සර් පණිවිඩයක් එව්වේ ඊබෝට ඊළඟට පැවැත්වෙන solo dance එකට සූදානම් වෙන්න එන්න කියලයි. ඊබෝ ෂූයන්ට කියලා චෙන් එක්ක dressing room එකට ගියා. ශාලාවේ තරඟය අහගෙනම ඊබෝ සූදානම් උනා.

" ස්තුතියි ශිෂ්‍ය වෙන් හන්, ඔබේ ගායන හැකියාවට සුභ පතනවා.." තරඟයේ නිවේදකගේ හඬ ඊබෝට පැහැදිළිව ඇහුනා.

" ඊළඟටත් අපේ එකෙක් බං" dressing room එකේ කොල්ලෙක් කතා වෙනවා ඊබෝ අහගෙන. ඒත් ඒ ගැන වැඩිය හිතන්න නොගියේ තව ටික වෙලාව්කින් ඊබෝටත් වේදිකාවට ගොඩවෙන්න තිබුන නිසා. වේලාසනම සූදානම් වුනොත් අනෙක් තරඟකරුවන්ගෙ Dancing බලාගන්නත් පුළුවන් නිසා ඊබෝ ඉක්කමනට සූදානම් වුනා.

" මීළඟට මම අවසන් වශයෙන් ආරාධනා කරන්නේ සෙන්ත් ඇන්තනී 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තරඟ අංක 16 පිළිගන්න "ෂියෝ ශාන්"......" ඊබෝත් ඇස් ලොකු කරගෙන අහන් හිටියේ ඒ තරමට ඇහුන අත්පොලසන් හඬ කාටද කියලා. ඊබෝ පාසලට අලුත් නිසා සීනියර්ස්ලාව ඒ තරම් එයාට මීටර් නෑ.

එකපාරටම දුවගෙන ආව ෂූයන් ඊබෝත් අතින් ඇදන් ශාලාව ඇතුළට දිව්වා. මොකක්ද වෙන්නෙ කියලවත් ඊබෝට තේරුණේ නෑ.

"ඇයි බං මේ"

"බලපන් කව්ද කියලා "

ඊබෝ stage එක දිහා බැලුවා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now