24. වස කොල්ලෝ... 🐰🦁🌹

478 165 52
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

පාසල අවසන් වෙන්න ඔන්න මෙන්න තියලා ශාන් දිව්වෙ ආපන ශාලාවට . අතේ තිබුන සල්ලිවලින් එයා ආසම කරන වර්ගයේ චොකලට් දෙකක් අරගෙන සාක්කුවේ දාගත්ත ශාන් ආයෙත් පන්තියට යන්න ගියා .

'ආහ්... අර... වෙන්හන්ද වෙන්සන්ද? අත පිච්චුනේ වෙන්හන්ගෙ.. කොහොමද මෙච්චර ඉක්මණට මෙතෙන්ට ආවේ . පන්තියේනෙ හිටියේ ' හිතමින් ශාන්, ළඟ තිබුණ කනුවක් ළඟ නතර වෙලා බලන් හිටියා .

   වෙන් හන් හිටියේ තවත් කෙනෙක් එක්ක කතා කර කර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙන් හන් හිටියේ තවත් කෙනෙක් එක්ක කතා කර කර. හිටියෙ කව්ද කියලා හරියට පෙනුනේ නැතත් එයා එයාගෙ අත පෙන්න පෙන්න කතාකරන ගමන් හිටිය නිසා ශාන් හිතුවෙ එයාගෙ යාලුවෙක් හරි කොල්ලා හරි වෙන්න ඇති කියලා. ඒත් ටික වෙලාවකින් පොතකින් කොල වගයක් අරන් දීලා වෙන්හන් පන්ති කාමරේ පැත්තට යන්න එද්දි ශාන් ඊට ඉස්සර වෙලා නොදැක්ක වගේ යන්න ගියා. එකපාරටම දුවගෙන ඇවිත් වෙන්හන් ශාන්ගෙ කරට අත දාගත්ත

" ශානෝ... කොහෙද ගියේ "

" කැන්ටිමට ගියා. පත්තියෙනේ හිටයේ කොහෙද ඔයා ගියේ " අහපු දේට වෙන්හන් ටිකක් නිශ්ෂබ්ද වුනා වගේ ශාන්ට තේරුනා

"ආහ් ... මං යාලුවෙක්ට Note වගයක් දෙන්න ගියා ."

" අත කොහොමද . "

" දැන් අවුලක් නෑ...
පිච්චුවනේ කොහොමහරි "

" අනේ සොරි බං... ඇත්තටම මං හිතල නෙමෙයි කරේ " ශාන් කරවටේ තිබුන තුවාල අත පහලට අරන් ශාන් කිව්වා.

" එක අවුලක් නෑ ශාන් ... මං දන්නෝ උඹ ඕවා හිතලා කරන්නෑ කියලා " වෙන්හන් ආයෙත් ශාන්ගෙ කරට අත දාගෙන ඇදගෙන ගියා.

"දන්නවද... උඹ තමයි මං දැකපු අහිංසකම කොල්ලා.. " ශාන් පුරුදු බනි හිනාටම දාලා හිනාවෙද්දි වෙන් හන් මූණට එබුනා.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now