49. රන්ඩු වෙවී... යාලු වෙවී...🥰

365 124 41
                                    

පුරා පැය තුනක පමණ ගමනාන්තයක් අවසන් කර උදෑසන 10

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පුරා පැය තුනක පමණ ගමනාන්තයක් අවසන් කර උදෑසන 10.05 වෙද්දිම ශාන්ගේ නිවසේ මිදුලේ මෝටර් රථය නතරවුණි. මදක් වැසි සහිත කඳුකර ප්‍රදේශයක පිහිටි ශාන්ගේ නිවසට ළඟා වීම මන්දගාමී වූවත් කඳුකර ප්‍රදේශයේ ඇති චමත්කාරජනක බව නිසාම ඊබෝට එය වෙහෙසකාරී නොවිණි.

"බිනා.... යං ඇතුළට.... යුවාන්.... එන්න..."

යුවාන් තවමත් කතා පෙට්ටිය වසා ඇත.... ශාන්ට උන පොරොන්දුව මත ආසාවෙන් ගමනට එකතු වුනාට මොකද වාහනේට නැග්ග වෙලාවෙ ඉඳන් කළේ ඉදිපස අසුනේ භාවනා කළ එකය. ශාන්ටවත් ඊබෝටවත් යුවාන්ව අවුස්සා ගැනීමට නොහැකි වුණි. බින් ද කතා නැතුව ශාන්ගෙ නිවස බලා වාහනය පැදෙව්වේය....

"බහින්න මැණික... "
ශාන් කාටත් හොරෙන් ඊබෝගේ කම්මුලක් සිපගත්තේය.

මෙතෙක් වේලා අවට සිරි නරඹමින් පැමිණි ඊබෝ ශාන්ගේ අත අල්ලන් ම වාහනයෙන් බැස ගත්තේ සැහැල්ලු හුස්මකින්ද පපුව පුරවාගනිමිනි.

නිවස පිහිටි තැනිතලා බිමට පිවිසෙත්ම අවට තිබූ නොයෙක් වර්ගයේ මල් වර්ග ඊබෝට ප්‍රිය දසුනක් විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිවස පිහිටි තැනිතලා බිමට පිවිසෙත්ම අවට තිබූ නොයෙක් වර්ගයේ මල් වර්ග ඊබෝට ප්‍රිය දසුනක් විය. ඒ අතර ඈතින් එළවලු පළතුරු වගා කර ඇති බවත් තිබූ අඩු ඉඩකඩ පවා මනාලෙස තට්ටු ගසා හරිතාගර ක්‍රමයට ප්‍රයෝජනයට ගෙන ඇති බවත් ඊබෝගේ ඇස ගැටුණි. හාත්පස සැබැවින්ම සිත් ඇදගන්නාසුළුය. ඊබෝ තවත් බලා සිටියේය... ඔහු ඔහුගේ පළමු පැමිණිම සතුටින් භුක්ති වින්දේය.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now