64. හරස්පද ප්‍රෙහෙළිකාව 🥰🌹💚❤️

268 92 60
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

මේ වනවිටත් ශිචෙන් ඔවුන් සමඟ නොසිටියේය.

සියල්ලෝම එක්‍ රැස් වී ඕපාදූප කියවන්නට ගත්විට ෆෙන්ග් පුත්‍ර රත්නය දුම්මල ගැසුවාක් මෙන් එතැනින් වාශ්ප වී තිබුණි... ඒ සමඟම ඔහුට කිට්ටු වූ ශිචෙන් මේ වනවිටත් බර කතාවකට වැටී තිබුණි...

ශිචෙන්ට ඔහු හා කතාබහ කර සිවු වන්නේ කුමක්දැයි දැනගැනීමේ මහා විචිකිච්චාවක් වූ හෙයින් නිවසේ කොරිඩෝවට වෙන්න තබා තිබූ හාන්සි පුටුවක සැපසේ හාන්සි වී දුරකතනය මූණ උඩ තබාගෙන සිටි තරුණයා අසල ඔහුද හරිබරි ගැසී ඉඳගත්තේය...

නමුත් නිවසේ ඇතුළතින් වූ කතාබහට මදක් ඇහුම්කන් දෙමින් ෆෙන්ග් පුතු සමඟ ආ ගිය තොරතුරු කතාබහ කළේය.

ඒත් සමඟම නිවසට ගොඩවූ ඊබෝ නිවස ඉදිරියේ සිටින්නාවූ ශිචෙන් සහ ෆෙන්ග් පුතු වෙතට ආවේය.

"මල්ලී... ශාන්ව ගිහින් දැම්මද..."

"ඔව්... ඔව්... දෙන්නත් එක්ක බර කතාවක වගේ..."

"ටිකක් විතර... මල්ලි මේ ෆෙන්ග් අංකල්ගේ පොඩි පුතා.. ... "

"හායි ඊබෝ... මං යූත්... ෆෙන්ග් යූත්.. ඔයාගෙ බෙස්ට් ෆෑන් කෙනෙක්..."

"ඕහ් මගේ...?"

"යා... යා... ඇත්තටම කිව්වොත් මං එනකන් දන්නෑ මේක වන්ග් ඊබෝගේ ගෙදර කියලා... මං ඔයාගේ ටූනමන්ට් සේරම වගේ බලලා තියෙනවා"

"ඕ... තෑන්ක්ස් තෑන්ක්ස්... එනිවේ... ඔයාලා ඩිනර් ගත්තද...?"

"ඔව් ඔව්... යන්න යන්න... ගිහින් ඩිනර් ගන්න මල්ලි..."

"මං ගිහින් එන්නම් යූත්..."

" වන්ග් ඊබෝ ටිකක් ඉන්න... ඊට කළින් මට ඔයාව ටිකක් මීට් වෙන්නෝන... පොඩ්ඩක් එනවද...?"

ශිචෙන් මූණ බලද්දි ඊබෝ උරහිස් අකුලුවා පුදුමයෙන් මෙන් අඩි කිහිපයක් යූත් පසුපස කොරිඩෝව දිගේ ආවේය. යූත් නලල පිරිමදිමින් නැවත හැරුනේය..

"මේකයි ඊබෝ.... මං ඔයා කියලා දන්නෙ නෑ... ඔයා කියලා දැනගත්තත් මං පසුතැවෙන්නෙත් නෑ... මේ මගේ විසිටින් කාර්ඩ් එක... මේක මං දුන්නා කියලා ඔයා කාටවත් කියන්න එපා ප්ලීස්..."

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now