08. එයා ලස්සනයි හලෝ..!🥰❤️

684 194 60
                                    

🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

("ඊයේ ඊබෝ හදිසියෙම යාලුවගේ බයිසිකලෙන් බැස්සනේ...
අද බනීගේන් පටන් ගමු ඒනම්... ")

~~~~~~~🐰~~~~~~~

      ශාන් අද ආවේ බයිසිකලේ මග දාලා. ඉතින් සියල්ලම අවසන් වෙනකන් පාසලේ ගොඩක් වෙලා ඉන්න ඔහුට පුළුවන්කමක් තිබ්බෙ නෑ. ඉක්මනින් නොගියොත් අයිමත් වැස්සට අහුවෙන්න සිද්දවෙන පාටක් තමයි අහසෙ තිබුනෙ. ඒ නිසා යාලුවොන්ට කියලා ශාන් තම කුසලානයත් සහතිකපත් සහ තෑගි වවුචර් ටිකත් පාසල් බෑගයට දමාගෙන ළමුන් කිහිපදෙනෙක් සමගම පාරට බැස්සා.

කොතරම් පිරිසක් වට කරන් හිටියත් ශාන් එක්ක ආව ළමයි කිහිපදෙනා තම තම තමන්ගේ නිවෙස්වලට හැරුනම ඔහුට දැනුනේ තනිකමක්. කොහොම උනත් මේ පාසලට ආ දවසෙ ඉදන්ම යූබින් හැරෙන්න වෙන කෙනෙක් ඔහු හා එක මග යන්න ඒතරම් හිටියෙ නෑ. ඒ එයාට යාලුවො නැති නිසා නෙමෙයි යාලුවොන්ට එයාලටම කියලා ලෝක තිබුන නිසා. සියල්ලෝම පාසල් සීමාවෙන් එහා පයින් හෝ බයිසිකල් වලින් පාරට බැස්සෙ නෑ. මොකද මේ පාසලේ බොහොමයක් වරප්‍රසාද සහිත ළමුන් තමයි ඉගෙනගත්තේ. ප්‍රාථමික පාසලේදි පැවැත්වූ තරඟ විභාගෙනින් ඔහු මේ පාසලට තේරීපත්වුනා මිස ඔහුට විශාල මුදලක් යටකරලා ඉගෙනගන්න එන්න තරම් වත්කමක් තිබුනෙ නෑ. තම මිතුරන් නිතරමපාහේ ආවෙ ගියේ තම තමන්ගේ දෙමවුපියන්ගේ සුපිරි වාහන වලින්. නැතිනම් තමන්ගෙම වාහන වලින්.

පාසලේදී මිතුරන් හා එක්ව සිටියද ඉන් පිටදී ශාන් තමාටම වෙන් වුනු ලෝකෙක තනි වෙන්න පුරුදු වී සිටි බව යූබින් පමණක් තේරුම් ගෙන තිබුණි. නමුත් ඔහු ශාන්ට අවශ්‍ය ඕනෑම විටක උදව්වට පැමිණි මිතුරෙකි. නමුත් පාසලේ ඉතිරි පිරිසිදු කිරීම් නිසා යූබින් පාසලේ රැදී සිටිමින් කීවේ

' අපේ සුපර් ස්ටාර් ඕවා අස් කරන්න ඕන නෑ, උඹ හිටපන් මං එනකන් class එකෙන්, මං ගිහින් දාන්නම්' කියලයි. ශාන්ට මහන්සි බව පෙනුන නිසා යූබින් කරේ ශාන්ව පන්ති කාමරේටම තල්ලු කරන් ගිය එක තමයි

 ශාන්ට මහන්සි බව පෙනුන නිසා යූබින් කරේ ශාන්ව පන්ති කාමරේටම තල්ලු කරන් ගිය එක තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now