33. හදිසි අනතුරු.. 🦁😉🐰

435 146 55
                                    

❤️🌹❤️🌹🌊🌊🌊❤️🌹❤️🌹

"හම්බෝ... ඇති බං ඇති... ඉන්ටෝල් ඕන ඉන්ටෝල් ඕන හම්බෝ.... "
දෙතුන් පාරාක් බිම බදාගත්ත අමාරුවට ජින්ඊ කොන්දත් අල්ලන් දෙකට නැමි නමී කට්ටියටම ඇහෙන්න කෑ ගැහුවා.

"මොකද සුදූ ඔයාට... මහන්සිද මැණික.." පේඊ ෂී ජින්ඊගෙන් විහිලුවට ඇහුවේ අමුතු තාලෙන්...

"අනේ පලයන් පේශියා මට කියල පේශියක් ඉරාගන්නැතුව..."
කට්ටියම හිනා වෙවී එකිනෙකාට විහිලු කරද්දි ෂින්, ජින්ඊගේ පිටට තට්ටු කරන්න වුනා. එය දුටු ෂූයන් ඈත් ඉදන් ෂින් කොල්ලව පිච්චිලා යන්න පාරක් රැව්වා. ෂින් කාටත් නොදැනි ගානට එතනින් ලිස්සලා ගිහින් ටිකක් සයිඩ් වුනා.

පිරිසම කෙටි විවේකයක් සඳහා අවන්හල එළිමහනේ තිබූ කුඩ වලින් හෙවන කළ මේස පුටුවලට යනවිට දැල යටින් රිංගගෙන ඊබෝ ළඟට ආව ශාන් ඊබෝගෙ නලලේ තිබූ දාඩිය බින්දු තම අතින් පිස දැම්මා.

"බෝදී මහන්සිනේ... යන්..."

"ඔයාටනේ මහන්සි... මේ තාම හති මෙයාට.."

"ඔව් අෆ්ෆා... කාලෙකින් සෙල්ලම් කරේ... හම්මෝ...."

"ආ... මේක බොන්න... "
ගෙනැත් තබා තිබූ සිසිල් බීම බෝතලයක පියන විවෘත කළ ඊබෝ එය ශාන්ට දී තවත් එකක් ඔහුත් බොන්න ගත්තා.

"ශාන් හිතුවට වඩා වැඩේ ගොඩ දාලා දුන්න නේ...!" චෙන් කියද්දි ඊට වෙන් සන් පිළිතුරු දුන්නා...

"තාම කොල්ලා පිටියට බැස්සෙ නැතුව.. නැද්ද බං..."

කිහිප දෙනෙක්ම 'හ්ම්ම් හ්ම්ම්...' කියමින් පිළිතුරු දෙමින් සිනාසුන අතර ඊබෝ ශාන් දිහා බැලුවෙ අමුතුම විදියකට...

"ශන්ගා... ඒ මොකද්ද ඒ සීන් එක.."

" මුන්ට පිස්සු බෝදී.... මාව මඩවනවා...

"කව්ද මැඩෙව්වේ.... ඊබෝ බලාගනින් උඹේ ශන්ගගෙ තරම හාහ් හාහ් හා......"

"උඹලට මං..."  ශාන් වෙන් සන්ට ගහන්න පැන්නා...

" අම්මෝ.... සොරි සොරි ලොක්කා... ගහන්නෙපා... යකෝ.... යකෝ... මේ වල් හාවගෙන් බේරගනින්කෝ..."

හා දත් දෙක ඉස්සරහට දාගෙන ශාන් පස්සෙන් එලවගෙන යද්දි වෙන් සන් කෑගහගෙන යාලුවො මැද්දට පැන්නා. යාලුවො ටික අතරෙ යුද්දෙ දැකලා ඊබෝත් රතු වෙනකන් හිනා වුනා.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now