52. මතක වර්ශා... 🦁🌹🐰

335 119 47
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

මල් උයනේ ඇති පමණ සිපගෙන රතු වූ දෙතොල් සමඟ නිවසට ගොඩ වෙද්දි හැන්දෑ යාමයේ බොහෝ වෙලා ගතවී තිබුණා... සාලයේ කොණකට වී ලොක්කිත් චූටිත් පාසල් වැඩවල නිරත ව සිටි නිසා ශාන් ඔවුන් ළඟට ගොස් බලා හිඳ දෙදෙනාගෙම හිස සෙනෙහසින් අතගාගෙනම ඊබෝ සමඟ අතැඟිලි පටලන් තමන්ගෙ පුංචි ලස්සන නිදන කාමරේ දෙසට පා තැබුවේ සිනාවෙන් මුව සරසාගෙනයි....

"ෂූයී ආන්ටි... මෙයාට දයියා කන්න බෑ හොඳේ...?"

යන අතරෙ ශාන් කුස්සිය දෙසට ඇහෙන්නම කියාගෙන ගියා...

" හරි පුතා... දයියා දාන්නෑ...."

ෂූයී ආන්ටි කුස්සියෙ ඉඳන්ම උස් හඩින් කියා සිනාසෙද්දිම ඊබෝ ඒ සිනාවත් අසාගෙනම ශාන් පස්සෙන් වැටුනා.

නිවසට පැමිණ වරුවක් විතර වුනත් එළියෙ පරිසරයේ සුන්දරත්වය නිසාම කාමරය අමතක වුන ඊබෝ ජීවිතේ පළමු වතාවට ශාන්ගේ උපන්දා සිටම සුවඳ පිරුණ ලස්සන පුංචි කාමරය වටා දෑස් යැව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිවසට පැමිණ වරුවක් විතර වුනත් එළියෙ පරිසරයේ සුන්දරත්වය නිසාම කාමරය අමතක වුන ඊබෝ ජීවිතේ පළමු වතාවට ශාන්ගේ උපන්දා සිටම සුවඳ පිරුණ ලස්සන පුංචි කාමරය වටා දෑස් යැව්වා....

"ඔන්න මගේ සුවඳ පිරුණු පුංචි කාමරේ...ඕඕඕ.... පළවෙනි වතාවට මගේ පුංචි බෝ පැටියා ආවා ඒනම්..."

ඊබෝ වටපිට බැලුවේ ඇත්තටම මේ ආව පළවෙනිම වතාවද කියල සිත සිතායී... මේ ඇඳ... මේස.... පුටු... ජනේල... මල් පෝච්චි... පුංචි කතන්දර පොත් රාක්කේ.... එතකොට ලස්සන ලොකු, බබෙක් ඉන්න පින්තූරේ.... මේ ඔක්කොම ඊබෝගේ හිතේ තැන්පත් වුන හුරු මතක සටහන් අවදි කරන්නට වුනා....

ඊබෝ ඒ එකින් එක ළඟට ගිහින් හොඳට බැලුවා.... පුංචි කඳුළක් නොදැනීම දෑස තෙමද්දී ඒ පුංචි පොත් මේසේ දිගේ අතැඟිලි යවමින් හැඩ බලද්දි... ඇස් පිහාටුවක නතරවුණ කඳුළු බිඳක් හිතුවක්කාර ලෙස ඒ පුංචි මේසේ කොනක් සිපගත්තා...

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now