14. මගේ ලෝකේ ඔයා.❤️🐰🦁💚

567 184 39
                                    

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

       Club එකට කිසිම බාධාවකින් තොරව ඇතුල් වුනත් ඊබෝගේ ජැගට් එකෙන් අල්ල ගත්ත ශාන් ඉදිරියට ගියේ වටපිට බලන ගමන් . ඊබෝට තේරුණා ශාන් ටිකක් බය වෙලා වගේ කියලා . ඊබෝ ශාන්ගේ අතින් අල්ලගෙන ඉස්සර උනා .

" අන්න යූබින්ලා ෂුයන්ලා ඉන්නවා "

ශාන්වත් ඉස්සරහට තල්ලු කරගෙන පිරිස දෙසට යනවිට සැම දෙනාම මේස වට කරගෙන වාඩිවෙලා කතාව .

ශාන්වත් ඉස්සරහට තල්ලු කරගෙන පිරිස දෙසට යනවිට සැම දෙනාම මේස වට කරගෙන වාඩිවෙලා කතාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආ..... මේ එන්නේ අපේ Champions ලා දෙන්නා... එන්න එන්න...." සෙට් එකම සද්ද දාන්න ගත්තා. දෙන්නටම එක ළඟ පුටු දෙකක් ලැබුනා.

ශාන් නම් මේ වගේ තැන් රූපවාහිනීයෙන් සහ අන්තර්ජාලයෙන් දැකලා තිබුණට ආවේ අදම නිසා වට පිටාව හොඳින් බැලුවා . නොයෙක් වර්ණවලින් යුතු ආලෝක රටා මැද පිරිසක් වාදනය වන DJසංගීතයට නර්තනයේ යෙදුන අතර තවත් පිරිසක් මේස වට කරගෙන නොයෙක් ආකාරයේ මත්පැන් හා ආහාර රස විඳින බව ශාන් දැක්කා. ඒ අතර නොයෙක් විසිතුරු විදියට ඇඳගත්ත කාන්තාවන්ද තැනින් තැන මත් වී සිටින මිනිසුන්ද දැකගන්නට ශාන්ට පුලුවන් වුනා . පාසලේ මිතුරන් දහ දෙනෙක් සමඟ ඊබෝගේ Sport Club එකේ සහ Dancing Club එකේ මිතුරන් කිහිප දෙනෙක්ද එකතු වෙලා හිටියා.

නොහදුනන පිරිසෙන් ඇත්ව ඊබෝ කළින් වෙන් කර තිබූ VIP සීමාවක මිතුරන් සියල්ල අසුන්ගෙන සිටියා . නොයෙක් ආකාරයේ ආහාර වර්ගද බීම වර්ගද පළතුරු වර්ගද පුරවා මේස සූදානම් කර තිබූ අතර ඒවා රස විදිමින් මිතුරන් සියලු දෙනාම විනෝද වෙන අයුරු බලා සිටි ඊබෝ තවත් ඔවුන්ට අවශ්‍ය පරිදි සියල්ල පිළිගැන්වුවා. ශාන්ට නම් හිතුනේ මිතුරන්ට සංග්‍රහ කරන්න ඊබෝ ලොකු මුදලක් වැය වෙන්නට ඇති කියලයි.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now