chapter 5

1.5K 304 23
                                    

🐱 ටේ ඔතනින් බහිනවා..

🐨 ටේහ්‍යුනා ඔතනින් බහිනවකෝ...

🐯 බෑ කිව්වනේ...මන් බහින්නේ නෑ..
මට ඕන නෑ අර කුක්ලට්ව බදින්න...
මන් ගේ නෙමෙයි හ්‍යුන්ග්
තෙරුම් ගන්නකෝ..

ටේහ්‍යුන් එයාගේ කාමරේ බාල්කේ එල්ලිලා..අනිත් අය පියාඹලා එයා ලගට යනකොට මේකා ආයි වෙන තැනකට යනවා..දැන් පැය ගානක් තිස්සේ යූන්ගි, ජූන්, හොබි තුන් දෙනා එකතු වෙලා ටේහ්‍යුන්ව අල්ලන්න දගලනවා...තුන් දෙනෙක් ඉදලත් තුන් දෙනාටම වඩා සූක්ෂම උපායන් දන්න එයාලගේ චූටි මල්ලි ටේහ්‍යුන්ව අල්ල ගන්න එක නම් ලේසි වෙලා නෑ..

🦄 අනේ මයේ අම්මා...
ඔතනින් බැහැපන්කෝ..
මගේ හොද පන ගිහින් බන්..
අප්පෙක් වෙන්න ඉන්න මාව මරන්න එපා යකෝ...

හොබි දාඩිය පෙරාගෙන බිම වාඩි වෙලා හති දදා ටේහ්‍යුන්ට බනිනවා..ටේහ්‍යුන් නම් වැඩේ අතෑරලා පරාජය බාරගන්න පාටක් නම් නෑ..

🐯 ඔයාලා මොනවා කිව්වාත් මන් කුක්ලට්ව බදින්නෙ නෑ...
නෑ කිව්වොත් නෑමයි...
වෙන කොල්ලෙක්ව බැන්දත් මන් ඕකව නම් බදින්නෙ නෑ..

🐨 මේ අහන්න ටේහ්‍යුනා...
ඔයාට මන් කිව්වානේ අපිට මේක නවත්තන්න බෑ කියලා..ඒක කරන්න පුලුවන් නම් මායි හොබි මේ වෙනකොට මේ කසාදේ නවත්තලා..
ඔයා දන්නවනේ ඔයාගේ හ්‍යුන්ග්ලා දෙන්නාට අපේ චූටි මල්ලි වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කියලා...
ඒත් ඔයාව බේරගන්න කියලා අපි එහෙම කරොත් ඔයා විතරක් නෙමෙයි මුලු ලෝකෙම විනාස වෙයි..

🐯 ඒත් මේක අසාධාරණයි හ්‍යුන්ගී 🥺🥺
ලෝකේ බේරගන්න මන් අකමැති කෙනෙක් බදින එක අසාධාරණයි...
හොබි හ්‍යුන්ග් ඔයා බැන්දේ ඔයා ආදරෙ කරන කෙනා..
එතකොට ජූන් හ්‍යුන්ග් ආදරෙ කරන්නේ එයා ආස කෙනාට..
ඒත් ඇයි මන් විතරක් අකමැති කෙනෙක්ව බැදලා එයාට ආදරේ කරන්න ඕන..
හරිම අසාධාරණයි මේ තීන්දුව..

දැන් නම් ටේගේ ඇස්වල කදුලු..කොල්ලාට දුකයි.. එයා කියන එක ඇත්ත...මේ තීන්දුව හරිම අසාධාරණයි..
කොහොමද තමන් අකමැති කෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ ??

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now