chapter 12

1.6K 304 16
                                    

දවස් ගානක්ම ගෙවිලා ගියේ ටේහ්‍යුන්ගේ හිතේ ජන්ග්කුක් ගැන තියෙන හැගීම් වලට එයා වෛර කරන ගමන්...ජන්ග්කුක් නම් එදා සිද්දියෙන් පස්සේ ටේහ්‍යුන් ඉන්න පැත්ත පලාතක ලේසියෙන් හිටියේ නෑ..හොරෙන් බලනවා විතරයි..

ජන්ග්කුක් කොල්ලෙක්ට ආදරේ කරන්නෙ නෑ කියලා කොච්චර හිතුවත් එයාට තේරුනා එයාගේ හිත ටේහ්‍යුනට ඇදිලා යනවා කියලා..හැබැයි කොල්ලා ඒක පිලිගන්න නම් කැමැති නෑ..

ටේහ්‍යුන්ගෙත් එහෙමයි..එදා කිස් එකෙන් පස්සේ ආයි එකම එක පාරක් ජන්ග්කුක්ගේ තොල්වල රස බලන්න ඕන කියලා හිතුනත් ටේහ්‍යුන් ඒ හැගීම එයා ස්ට්‍රේට් කියන වචනේ දාලා යටපත් කරගත්තා..එහෙම හැගීමක් ටේහ්‍යුන්ට දැනෙන එකට ටේහ්‍යුන් කේන්ති ගත්තේ ජන්ග්කුක් එක්කමයි...එයාට වචනෙකින් හරි රිද්දන්න චාන්ස් එකක් තිබ්බොත් එයා ඒක අතාරින්නෙ නම් නෑ..

🐱 මේ ගේ අස්සේ ඉන්න එක එපා වෙනවා..

🐥 තමුසෙ කොහොමත් කරන්නෙ කන එකයි නිදියන එකයි විතරයිනේ...
ගෙදර කුස්සි අම්මා වගෙ මන් තමයි ඔක්කොම උයන්න ඕන..😑

🐱 අයිගෝ බේබි...
කේන්ති ගන්න එපා..
කන බොන එකට අමතරව තව දේවල් කරන්න පුලුවන්...
කොහෙද ඔයාගෙන් කිසි සප් එකක් නෑනේ මට..

🐥 මන් කිව්ව කියලා හිතාගනින්..😑😑

සුපුරුදු ලෙස යූන්මින් වලිය පටන් ගත්තා..මේක දිහා ඉතින් ටේකුක් දෙන්නා බලාගෙන ඉන්නවා.. ජන්ග්කුක් නම් ඉතින් ටේහ්‍යුන් දිහා වැරදිලාවත් බැලුවේ නෑ..

🐯 උබලා දෙන්නා කොයි වෙලෙත් ගෑනි මිනිහයි වගේ වලි...😑😑

🐱 ඉතින් බන් මේ ඉන්නේ මගේ ගෑනිනේ

🐥 කවුද බිලාලයෝ ගෑනි ?? තොට ඕන නම් ගෑනියෙක් වෙයන්..

🐯 ඒයි කොට පාත්තයා...
මොකද කොයි වෙලෙත් යූන්ගිට හරහටම ඉන්නේ ?? ඒ උබේ මේට් නේද ??

🐥 තමුසෙට මොකද ??
මගේ මේට් ගැන මන් බලාගන්නම්..
උබ උබේ හස්බන්ඩ් ගැන බලාගනින්..

ජිමින් එහෙම කියලා අහක බලාගත්තා..ජිමින් ටේහ්‍යුන් එක්ක කේන්ති..මොකද එයා හැමවෙලේම ජන්ග්කුක්ගේ හිත රිද්දන නිසා..ටේහ්‍යුන් කියන සමහර කතා වලට ජන්ග්කුක්ගේ හිත රිදුනත් එයා මුකුත් උනේ නෑ වගේ ඉන්න හැදුවට පොඩි කාලේ ඉදන්ම එකට හිටිය ජිමින්ට ජන්ග්කුක්ගේ පොඩි වෙනසත් ඉක්මනට දැනෙනවා.

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now