chapter 27

1.7K 293 9
                                    

කට්ටිය කතා කරන අතර තුරේ ජන්ග්කුක් කුස්සියට ගියේ කට්ටියට ජූස් හදන්න කියලා..කොල්ලාට ලෙඩ කොහෙන් ගියාද දන්නේ නෑ ඉතින් ටේහ්‍යුන් එයාට ආදරෙයි කිව්ව නිසා..

කොහොමත් මේ හිටපු දවස් ටිකට ජන්ග්කුක් වැඩකට ඇති දේකට කියලා ජිමින්ගෙන් ඉගෙන ගත්තේ එයාගේ රාජකීය පානය හදන්නයි එයාගේ ස්ට්‍ර්‍රෝබෙරියාගේ රාජකීය පානය හදන්නයි විතරයි.
කොල්ලා දැන් ඉගෙන ගත්ත දේ අත්හදා බලන්න තමයි උත්සාහ කරන්නේ..

🐰 හරි...
එයාලා මොනවාද ඉල්ලුවේ...
ඔම්මාටයි මටයි බනානා මිල්ක්ශේක්..
එතකොට ටේටයි එයාගේ ඔම්මාටයි ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක්..
අනිත් අයට ජිමිනි හදපු බීම...

ඇගිලි නව නව පොඩි එකෙක් වගේ ඕන කියපු බීම ලිස්ට් එක හදලා කෙලින්ම ගියේ ෆ්‍රිජ් එක ලගට.. ඒකට ගිහින් ෆ්‍රිජ් එකේ තියෙන ස්ට්‍ර්‍රෝබෙරි ටිකයි කෙසෙල් ටිකයි අරගෙන එලියෙන් තියලා ආතල් එකේ සිංදුවක් කියාගෙන සුපුරුදු පරිදි පස්සත් වන වන මිල්ක්ශේක් හදන්න පටන් ගත්තා..

මේ අතරේ ටේහ්‍යුන්ව ජන්ග්කුක්ට උදව් කරන්න කියලා කට්ටිය ගහලා පැන්නුවේ එයාලා ආපු කාරනය ටේකුක් ලග ඉන්නකොට සාකච්ඡා කරන්න බැරි නිසා..

ටේහ්‍යුන් ඉතින් කියන පරක්කුවට කුස්සියට දිව්වේ එයාගේ හා පැටියා තනියම මොනවාද කරන්නේ බලන්න..කොල්ලා පස්සත් වන වන ආතල් එකේ සිංදුවක් කියාගෙන නට නට මිල්ක්ශේක් හදන එක දිහා ටේහ්‍යුන් බලන් හිටියේ හරි ආසාවෙන්..

🐰 කෙහෙල් මලුත් වැජඹේවා..
කෙහෙල් ගෙඩිත් වැජඹේවා..
කෝලි කුට්ටු පරම්පරාවේ කෝලි කුට්ටුලා ආවා..
ඕයේ...
ආයිත් කියන්න...
කෙහෙල් මලුත් වැජඹේවා
කෙහෙල් ගෙඩිත් වැජඹේවා
කුකී බබාගේ කෙහෙල් කිරි එක තවත් රස වේවා.
ඕයේ...

ජන්ග්කුක් සින්දුව කියන් යන අතරතුරේ ටේහ්‍යුන් හිනා වෙවී ගිහින් ජන්ග්කුක්ව බැක් හග් කරා.. කොල්ලා එකපාරටම උන දේට කොච්චර බය උනාද කියනවා නම් අතේ තිබ්බ පිහියත් බිමට වැටුනා..

( A/ N ; වෙලාවට ඒක බිමට වැටුනේ..ජිමින් වගේ අනිත් පැත්තට දීලා ඇරියා නම් මට මල ගෙයකුත් ලියන්න වෙනවා..ඊට පස්සේ ඕතරීට මරන තර්ජන එක්ක ජීවත් වෙන්න වෙන්නේ... 🙂🙂 )

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now