little space syndrome

1.4K 251 8
                                    

ලිට්ල් ස්පේස් බේබිලා ගැන මාත් මුලින්ම දැනගත්තේ ff වලින් තමයි..

පස්සෙ මන් චුට්ටක් මේක ඇත්ත ද කියලා හොයලා බැලුවා..

01. මේක ඇත්ත ලෙඩක් ද ??

ඔව් මේක ඇත්ත ලෙඩක්..ලෙඩක් කියන්නත් බෑ.. මේක මානසික තත්ත්වයක්.

02. මොකක්ද මේ little space කියන්නෙ ??

ඒ කියන්නේ වැඩිහිටියෙකුගේ නොසැලකිලිමත් , වගකීම් රහිත ආරක්ෂාවකට ලිහිල් කරන මානසිකත්වයක්..
මෙහෙම කිව්වාට තේරෙන්නෙ නෑනේ...තේරෙන විදියට කිව්වොත් little space කියන්නේ වැඩිහිටියෙක් කුඩා දරුවෙක් ලෙස හැසිරෙන අවස්තාවක්.

03. ඇයි එහෙම වෙන්නෙ ??

මේක වෙන්න ප්‍රධානම හේතුව ලමා කාලයේ උන යම් යම් අදුරු සිදුවීම්, නොලැබීම් වගේ දේවල්...
ලිට්ල් ස්පේස් තත්ත්වෙට පත් වෙන්නේ වැඩිහිටියෙකුට තමන්ගේ ලමා කාලයේ ඉටු කරගන්න බැරි උන ලමා වියේ මතකයන්, අවස්තාවන් , ආශාවන් නැවත ලබා ගන්න මනස විසින් වැඩිහිටියෙක් උනාට පස්සෙ මනසේ කාලයක් හදන්න උත්සාහ කරන නිසා..

04 . ලක්ෂණ මොනවාද ??

1. එයාලා හුගක් වෙලාවට එයාලට හුරුබුහුටි නම් පාවිච්චි කරනවා.
උදා: ටේහ්‍යුන් එයාට ටෙටේ කියනවා වගේ.

2. පොඩි පොඩි පැනි රස වගේ කෑම කන්න ආසයි
උදා : ස්නැකර්ස්

3. හැමවෙලේම උදව් කරන්න කියනවා..නැත්තන් අපි කරන්න ඕන දේවල් කියනවා..( හරියට අන දෙනවා වගෙ )

4. ශක්තිමත් ගැගීම් තියෙනවා..හැබැයි හුගක් වෙලේට ඍණාත්මක ඒවා හැගීම්.
උදා : බය, නිදිමත..

5. හැගීම් වල පාලනයක් නෑ.

6. ස්ට්‍ර්ස් , පැනික් ඇටෑක් වගේ දේවල් සිද්ද වෙන්න පුලුවන්

7. හුරතල් විදියට කතා කරනවා.

8. Pulshies, cartoon , cute things වලට ආසයි.

9. සාමාන්‍යයෙන් අදින ඇදුම් වලට වඩා හුරුබුහුටි ඇදුම් අදිනවා..
උදා : ලොකු හූඩි හරි ලොකු ටී ශර්ට්ස්
දිග ලොකු කලිසම්

10. වචන උච්චාරනය වෙනස්

05. නිශ්චිත වයස් පරතරයක් තියෙනවාද ??

ඇත්තටම ලිට්ල් ස්පේස් වලට නිශ්චිත වයස් පරතරයක් නෑ..ඒක කෙනා අනුව වෙනස් වෙනවා.

උදා : අවුරුදු 16 ක කෙනෙක් අවුරුදු 2-3 දරුවෙක් වගේ හැසිරෙන්න පුලුවන්.
තව අවුරුදු 20ක කෙනෙක් අවුරුදු 5-6ක දරුවෙක් වගේ හැසිරෙන්නත් පුලුවන්..

06. එහෙම අයව බලාගන්නෙ කොහොමද ??

1. ඔයාගේ කාලය එයාලට ලබා දෙන්න
2. පොඩි අයට වගේ සලකන්න.
3. කතන්දර කියලා දෙන්න.
4. කාටූන්, ෆිල්ම් බලන්න.
5. සෙල්ලම් කරන්න.
6. කියුට් නම් වලින් එයාලට කතා කරන්න.

💥 මට තාමත් ලිට්ල් ස්පේස් බේබිලා සාමාන්‍ය තත්ත්වේ ඉදන් අසාමාන්‍ය තත්වයකට එන්නෙ කොහොමද කියලා හොයාගන්න බැරි උනා..🥺🥺

ඒ නිසා මන් ටේහ්‍යුන් බය උනාම ටේටේ වෙනවා කියලා දැම්මා...දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් දැනගන්න කියන්න...😁😁

මේවා මන් google search කරලා ගත්ත දේවල්..
ඔයාලට තව විස්තර ඕන නම් හොයලා බලන්න 😁

ඔන්න ඕතරී වැඩකට ඇති දෙයක් ඔයාලට ඉගැන්නුවා..🤭🤭

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now