chapter 48

1.6K 253 79
                                    

ජන්ග්කුක්ව ටේහ්‍යුන් පරිස්සමින් පිරිසිදු කරලා වඩාගෙනම පහලට එක්කන් ඇවිල්ලා සෙටි එකෙන් තියලා ජන්ග්කුක් කිව්ව විදියට ජන්ග්කුක්ට කන්න ඒත් අහන් ඉන්න අපිට අප්පිරිය වෙන බනානා මිල්ක්ශෙක් එකයි ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකයි එකට දාලා හදන්න..ඒත් ටේහ්‍යුන් කිව්වා බනනානයි ස්ට්‍රෝබෙරි එකට දාලා මිල්ක්ශේක් එක හදන්නම් කියලා..ඒත් ජන්ග්කුක් ඒක එක හෙලා ප්‍රතික්ෂේප වුනා..අවසානයේ ජන්ග්කුක්ගේ ක්‍රමේට දෙක වෙන වෙනම හදලා එකට එකතු කරන්නම් කියලා ටේහ්‍යුන් කිව්වා..

ටේහ්‍යුන් වගේම මටත් තියෙන ප්‍රශ්නේ ඔය දෙකේ වෙනස මොකක්ද කියලා ?? දෙකම එකට දාලා හැදුවත් දෙක වෙන වෙනම හදලා එකට මික්ස් කරත් වෙනසක් නෑ..ඒත් ජන්ග්කුක්ට අනුව ඒක වෙනස්..

කරන්න දෙයක් නෑ ප්‍රෙග්නන්ට් හෝර්මෝන..🙂

🐱 කුක්..කෝ කකුල් දෙක දෙන්න..
මන් මසාජ් කරන්නම්..

ජන්ග්කුක් අමාරුවෙන් චූටි බන්ඩියත් අත ගගා වාඩි වෙලා ඉන්නකොට යූන්ගි ලගට ඇවිල්ලා ජන්ග්කුක්ගේ කකුල් දෙක එයාගේ ඔඩොක්කුවට අරන් මසාජ් කරන්න පටන් ගත්තා..ඒක දැන් යූන්ගිගේ ඩියුටි එකක් වගේ..යූන්ගි ඒ තරම් ජන්ග්කුක්ටයි එයාගේ බන්ඩියේ ඉන්න බබාලා දෙන්නාටයි හුගක් ආදරෙයි..යූන්ගිගේ මේ වෙනස නිසා ජිමින් යූන්ගිට කරන ආදරේ තවත් වැඩි වුනා කිව්වොත් හරි..මොකද පිටතට පේන නපුරු යූන්ගි නෙමෙයි ජන්ග්කුක් ඉස්සරහ ඉන්නේ..සමහර වෙලේට යූන්ගි ජන්ග්කුක් ගැන ටේහ්‍යුන්ටත් වඩා කෙයාර් කරනවා.

🐰 පූස්..

ස්ට්‍රෝබෙරි බකට් එකකුත් කකා ඉන්න ජන්ග්කුක් හෙන ලොකු වැඩක් කරනවා වගේ ජන්ග්කුක්ගේ කකුල් මසාජ් කරන යූන්ගිගේ දිහා බලාගෙන ඇහුවාම යූන්ගිත් ඔලුව උස්සලා බැලුවේ ඇයි අහන්න වගේ..ටේහ්‍යුන්ගේ කටින් යූන්ගිට පූස් කියන එක ඇහුනාම බය උනත් ජන්ග්කුක්ගේ කටින් පූස් කියලා අහන්න යූන්ගි හරි ආසයි.

🐱 ම්ම්..

🐰 පූස් ආස පීචුගේ ගෝර්ඩ් ෆාදර් වෙන්නද ?? පීචස්ගේ ගොර්ඩ් ෆාදර් වෙන්නද ??

🐱 ඔයා ඔය අහන්නේ ටේහ්‍යුන්ගේ දරුවාගේ ගෝර්ඩ් ෆාදර් වෙන්නද කුක්ගේ දරුවාගේ ගෝර්ඩ් ෆාදර් වෙන්නද කැමති කියලා නම් මන් එක හෙලාම ටේහ්‍යුන්ගේ දරුවා ප්‍රතික්ෂේප කරලා කුක්ගේ දරුවා තෝරගන්නවා..මොකද ටේහ්‍යුන් වගේ යක්ස පැටියාව තෝරගෙන මට මගේ ජිවිතේ ඉතුරු කාලෙත් දුක් විදින්න කිසිම අවශ්‍යතාවයක් නෑ..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now