chapter 31

1.4K 279 16
                                    

ටේහ්‍යුන්ගේ එයාට මුකුත් කරන්න එපා කියලා කෑ ගහනකොට ජන්ග්කුක් ජිමින් යුන්හි තුන් දෙනා කූඩුවේ ඉදන් ටේහ්‍යුන්ට කරදර කරන්න එපා කියලා අඩන්න පටන් ගත්තා..ඒත් ඒකෙන් උනේ කේන්ති ගියපු ඩීමන්ලා ඇවිල්ලා ඒ තුන් දෙනාගේ අත් කටවල් ගැටගහලා වහපු එකයි..

ඒත් ටේහ්‍යුන්ගේ අදෝනා නිසා ඒ පුංචි ඇස්වලින් එක දිගට කදුලු වැටෙන්න පටන් ගත්තා..ජන්ග්කුක් එයාගේ ඒන්ජල්ට කරදර කරන්න එපා කියලා හිතින් අඩ අඩ කෑ ගැහුවත් එයාලාව අහන්න මේ ලෝකේ කෙනෙක් හිටියේ නෑ..අහින්සක පුංචි මල් කැකුලු හතරකගේ අදෝනා අහන්න දෙවියෝ කියන අයවත් හිටියේ නෑ...

ටේහ්‍යුන් අන්තිමට බනීට එයාව බේරගන්න කියලා සිහිය නැති උනාට පස්සේ ටේහ්‍යුන්ගේ කිසිම සද්දයක් නැති උනාම ජන්ග්කුක් වගේම යුන්හි ජිමින් දෙන්නාත් බය උනා..අන්න ඒ බය නිසාම ජන්ග්කුක් පරිවර්තනය වෙන්න පටන් ගත්තා..

එයාගේ එන්ජල්ට තවත් වද දෙනකම් බලන් ඉන්න තරම් ජන්ග්කුක්ගේ හිත ඉවසිලිවන්ත උනේ නෑ.. එයාගේ ඇස් නිල් පාටින් දිලිසෙනකොට හැකිලිලා තිබ්බ පිහාටු දිගෑරිලා නිල් පාටින් මුලු අදුරු කුටියම ආලෝකමත් උනා..ජන්ග්කුක් එයාගේ අත්වල බැමිත් ලිහාගෙන එකපාරටම නැගිටිනකොට ජිමින්,යුන්හි දෙන්නා එයාව දැකලා බය උනා..ඒ තරම් පුංචි කුක්ගේ ඇස් බයානක පාටයි..

හිමීට අඩිය තිය තිය ජිමින් ලගට ආව ජන්ග්කුක් ජිමින්ගේ අත් දෙක ලිහුවා..ලිහාලා යුන්හිගෙත් ගලවන්න කියන්න වගේ ඉගි කරලා එයාගේ පුංචි අත්වලින් බලය යොදලා කූඩුවේ යකට කූරු ඈත් කරේ එලියේ ආරක්ෂාවට හිටිය ඩීමන් සෙබලුන්වත් බය කරලා..

යුන්හි ජිමින් එක්ක ඉස්සරහට ආව ජන්ග්කුක් එයාලාගේ ඉස්සරහට එන හැම ඩීමන් කෙනෙක්වම ගිනි තියලා පුච්චලා දැම්මා..සාමාන්‍ය ගින්දර වලට ඩීමන්ලා විනාස කරන්න බැරි උනත් ජන්ග්කුක්ගේ නිල් ගින්දර වලට ඒක පුලුවන් උනා..සාමාන්‍යයෙන් cold phenix කෙනෙක්ට ගින්දර පාලනය කිරීමේ හැකියාවක් නැතත් ජන්ග්කුක්ට ඒ හැකියාව පිහිටලා තිබ්බා...ඒක වෙන්න බැරි දෙයක් උනත් ඒක උනා..මේ ලෝකේ වෙන්න බෑ කියලා දේවල් නෑ කියලා ජන්ග්කුක් ඔප්පු කරා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now