chapter 47

1.6K 257 26
                                    

අදට ජන්ග්කුක්ගේ බඩට මාස තුනක්..ඉස්සර කොච්චර දග වැඩ කර කර හිටියත් දැන් ජන්ග්කුක් හරිම පරිස්සම්..අඩිය පවා තියන්නේ හිමීට..පොඩි ගැස්සීමකදි පවා ජන්ග්කුක්ගේ අත් මුලින්ම යන්නේ එයාගේ බඩට..ඒ තරම් ජන්ග්කුක් එයාගේ පැටව් දෙන්නාට ආදරෙයි..

ටේහ්‍යුන් දැන් පැය ගානක් තිස්සෙ එයාට තුරුල් වෙලා හා පැටියෙක් වගේ ඉන්න ජන්ග්කුක් දිහා බලාගෙන එයාගේ යාන්තම් උඩට නෙරලා තියෙන බන්ඩිය අතගාන ගමන් හිටියේ..ටේහ්‍යුන් ගෑවෙන නොගෑවෙන ගානට හිමීට බඩ අතගානකොට ජන්ග්කුක් නින්දෙන්ම ටේහ්‍යුන්ගේ අත අල්ලලා බඩට ටිකක් තද කරාම ටේහ්‍යුන් හිනා වෙලා ජන්ග්කුක්ගේ නලලට හාදුවක් තිබ්බා.

🐰 පීචුටයි පීචස්‍ටයිත් ඕනෙලු හබි..

ජන්ග්කුක් ඇස් වහගෙනම කියනකොට ටේහ්‍යුන් හිනා වෙලා හිමීට පහත් වෙලා ජන්ග්කුක්ගේ බඩ උඩින් හාදු දෙකක් තිබ්බා..

පීචු, පීචස් කියන්නේ ජන්ග්කුක් පොඩ්ඩො දෙන්නාට දාපු හුරතල් නම් දෙක..ඒක දාන්න ප්‍රධාන හේතුව පොඩ්ඩො දෙන්නා බන්ඩියට ආපු දවසේ ඉදන් ජන්ග්කුක්ට පීච් කන්න තියෙන ආසාව වැඩි උන එක..ඉතින් ජන්ග්කුක්ගේ බඩේ ඉන්න පීච් බබාලා දෙන්නාට ජන්ග්කුක් ජිමින් දෙන්නා එකතු වෙලා දාපු නම තමයි පීචුයි පීචසුයි..

🐯 ගුඩ් මෝර්නින්ග් ඔම්මා..
ගුඩ් මෝර්නින්ග් පීචූ...
ගුඩ් මෝර්නින්ග් පීචස්..

ජන්ග්කුක්ට ටේහ්‍යුන් ඔම්මා කියන හැම වෙලේම ජන්ග්කුක් ජම්බු ගෙඩියක් වගේ රතු වෙනවා..එයාට ලැජ්ජ ඇති...ඔම්මා කෙනෙක් වෙන්නේ ගෑනු අයනේ..

ඒත් පිරිමි කෙනෙක්ට අම්මා කෙනෙක් වෙන්න බැරිද ?? අම්මා කියන්නේ දස මාසයක් කුසේ තියාගෙන හදපු කෙනාට..ඉතින් පිරිමි කෙනෙක් උනත් දරුවා බිහි කරන්නේ එයා නම් ඒ ඔම්මා තමයි..ඉතින් ටේහ්‍යුන්ට අනුව එයා අප්පා වෙනකොට ජන්ග්කුක්ගේ එයාගේ දරුවන්ගේ ඔම්මා..

ටේහ්‍යුන් වැරදිද ??

මට නම එහෙම වැරැද්දක් පෙන්න නෑ..ගබ්සා කරලා දරුවා විනාස කරන, දරුවා ඉපදුන ගමන් කුණු කූඩ වල, ටොයිලට් වලවල් වල දාන, දරුවාව මැරෙන්න දාල අතෑරලා යන නීච ගෑනුන්ටත් අම්මා කියනවා නම් මාස දහයක් කුසෙ තියාගෙන ආදරෙන් බලාගන්න පිරිමි කෙනෙක්ට අම්මා කිව්වාම මොකද ?? මට අනුව නම් ජන්ග්කුක් හොද අම්මා කෙනෙක්..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now