chapter 6

1.6K 314 35
                                    

විවාහ උත්සවය කොච්චර ලස්සනට සරසලා තිබ්බාත් ටේහ්‍යුන්වත් ජන්ග්කුක්වත් ඇහැක් ඇරලා ඒ දිහා බැලුවේ නෑ..දෙන්නාම ආපු වෙලේ ඉදන් බිම බලාගෙන තමන්ගේ කේන්තිය පාලනය කරගන්න හැදුවේ..

👤 එහෙනම් අපි චාරිත්‍ර පටන් ගමු..

පල්ලියේ ෆාදර් එහෙම කිව්වාම ටේහ්‍යුන්වත් ජන්ග්කුක්වත් මන්ඩපයට එක්කගෙන ආවා.

ඩේගන් වැසියන් ඒ දෙන්නා දිහා ඇස් පිල්ලම් නොගහා බලන් හිටියා...ඒ තරම් කුමාරවරු දෙන්නා ලස්සනයි...පිහාටු වලින් විහිදෙන නිල් , රතු ආලෝක නිසා කුමාරවරු දෙදෙනාම ඔපදාපු මැණික් කැට දෙකක් වගේ..

" ඒ දෙන්නා ඒ දෙන්න වෙනුවෙන්ම අඹාපු සුරදූත පිලිම දෙකක් "

හැමෝම හිතුවේ ඒක..

ටේහ්‍යුන් වෙනුවෙන්ම ඉපදුන ජන්ග්කුක්ටත් ජන්ග්කුක් වෙනුවෙන් ඉපදුන ටේහ්‍යුන්ටත් දෛවය ලියලා දුන්න ඉරනම එක්ක දැන් දෙන්නාටම එක්කෙනෙක් වෙන්න කාලේ හරි...

හැබැයි තාම දෙන්නාම ඔලුව උස්සලා අනිත් කෙනා දිහා බැලුවේ නෑ...ඒ බැලුවොත් කේන්ති ගිහින් මෙතන හැමෝම ඉස්සරහ ප්‍රශ්නයක් වෙයි කියන බයට..

🐱 ඒයි ටේහ්‍යුන්...
ගෑනියෙක් වගේ ඔලුව පහත් කරන් ඉන්නේ නැතුව ඇස් ඇරලා කුක් දිහා බලපන්..
අඩෝ මට ගෙදර අරන් යන්න හිතෙනවා..
බලපන්කෝ ලස්සන..
ඉටි පිලිමයක් වගේ යකෝ...
උබට එපා නම් මට දීපන්..මන් අරන් ගිහින් හුරතලේට හදාගන්නම්..හරිම කියුට්...

🐯 තොට ඕන නම් අර පාත්ත පැටියාව අරන් යනවා...

🐱 ආව්..ආව්...කොල්ලා අකමැති කිව්වෙ බොරුවට නේද...

🐯 උබට ඔක්කොම ඉස්සරහ අලු වෙන්න ඕනද ??

🐱 හරි හරි ඉතින්...උබට ජෙල කියලා පිලිගනින්

යූන්ගි ටේහ්‍යුන්ගේ කනට කරලා කිව්වාම ටේහ්‍යුන් යූන්ගිට රවලා කාටවත් නොපෙනෙන්න බඩට පාරක් ගහලා හිමීට ඔලුව උස්සලා ජන්ග්කුක් දිහා බැලුවේ යූන්ගි කියන තරම් ලස්සනද බලන්න...

තාමත් ඔලුව පහත් කරන් නිල් පාට පිහාටු දෙකත් විහිදගෙන නිල් මැණික් වලින් අඹපු පිලිමයක් වගේ ඉන්න ජන්ග්කුක්ව දැක්කාම ටේහ්‍යුන්ගේ හිත පලවෙනි පාරට ගැහෙන්න ගත්තා..කොල්ලා ඇසුත් ලොකු කරන් කටත් ඇරන් ජන්ග්කුක් දිහා බලන් ඉන්න විදියට යූන්ගිට වගේම ඒක දිහා බලන් හිටපු හැමෝටම හිනා යන්න ආවත් හිනා වෙලා නිදන් ඉන්න කොටි අවුස්සන්න ඕන නැති නිසා හිනාව තද කරගෙන හිටියා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now