chapter 45

1.4K 250 31
                                    

ඩේගන් රාජ්‍යයේ වැසියන්ගේ ඝෝශාව මැද්දෙන් ජින් කෝල්ඩ් ෆීනික්ස් රජතුමාගේ අතේ එල්ලිලා හෝල් එකෙන් ඇතුලට ආවේ සුරකුමාරයෙක් වගේ..

අඩියෙන් අඩිය තියලා ජින්ව නම්ජුන් ලගින් හිටවලා ජියෝන් රජතුමා ආදරණීය හිනාවකින් නම්ජුන්ට සංග්‍රහ කරලා එතනින් ගියා..

ටිකෙන් ටික චාරිත්‍ර ආරම්භ කරනකොට හැමෝම හිටියේ හුගක් සතුටින්..ජන්ග්කුක්ගේ ඇස්වල සතුටට කදුලු උනලා තියෙනවා දැක්කාම ටේහ්‍යුන්ට පලවෙනි පාරට ජන්ග්කුක්ගේ කදුලු වලට හිනාවක් ගියා..එයා දන්නවා ජන්ග්කුක් ජින් එක්ක තියෙන බැදීම එයා නම්ජුන් එක්ක තියෙන බැදීමට වඩා වැඩියි කියලා..

🐯 බනි...ඔයා මේ අඩනවාද ??

🐰 ආහ්..අනි..මට සතුටුයි...
හ්‍යුන්ගී අද හුගක් සතුටෙන්..

ජන්ග්කුක් එහෙම කියන ගමන් ටේහ්‍යුන්ගේ ඇගට හේත්තු වෙලා පිටට ඔලුව තියාගත්තා..උදේ ඉදන් ඇගට දැනුන තෙහෙට්ටු ගතිය නිසාම ජන්ග්කුක් ටිකක් අමාරුවෙන් හිටියත් අද වගේ සතුටු වෙන්න ඕන දවසක ඒක ගැන හිතලා හිත කලබල කරගන්න ජන්ග්කුක්ට උවමනාවක් තිබ්බේ නෑ..ඒ නිසා එයාගේ අමාරු කාටවත් නොපෙනෙන විදියට ඉන්න එයා උත්සාහ කරා..ඒ උනාට ඉතින් ටේහ්‍යුන් ගෙන් නම් මේක හංගන්න පුලුවන් උනේ නෑ..කුක්ගෙන් මුකුත් ඇහුවේ නැති උනාට එයා ඉන්නේ අමාරුවෙන් කියලා තේරුන නිසා ටේහ්‍යුන් දවසටම ජන්ග්කුක් ලගින් හෙල්ලුනේවත් නෑ..

.

.

✔️ එහෙනම් අපි මුදු මාරු කරගමු..

ෆාදර් එහෙම කියනකොට යූන්ගි නම්ජුන්ටත් ජිමින් ජින්ටත් මුදුව ලබා දුන්නා..ජිමින් අතේ තියෙන මුද්ද දැක්කාම ගැස්සෙනවා මෙච්චර වෙලා ජිමින් දිහා කන්න වගේ බලන් හිටපු යූන්ගි නම් දැක්කා..මුදු දිහා ටිකක් වෙලා බලගෙන ඉදලා ජිමින්ගේ මූනේ ලස්සන හිනාවක් ඇදෙනකොට යූන්ගිගේ මූනෙත් හිනාවක් ඇදුනේ ඉබේටමයි.

🐱 අලබෝලේ..මුද්ද බලාගෙන ඔච්චර හිනා වෙන්නේ මොකද ?? ඔයාටත් එකක් ඕන ද ??

යූන්ගි ජිමින් එක්ක හිතින් කතා කරාම ජිමින් යූන්ගි දිහා බලලා රවලා ආයි හිනා උනා.

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now