chapter 50 - Final

2.3K 289 104
                                    

After 3 month

ජන්ග්කුක්ගේ බන්ඩියට දැන් මාස නවයක්..පැටව් දෙන්නෙක්ම ඉන්න නිසා බඩ හුගක් ලොකුයි..අනිත් එක කුක් හුගක් චබි වෙලා..දකින ඕනම කෙනෙක්ට කන්න හිතෙන සයිස් එකට කුක් කියුට්..ලොකු බන්ඩිය එක්ක හරියට ඇවිදගන්න බැරි නිසා ටේහ්‍යුන් තමා ජන්ග්කුක්ගේ වැඩ ඔක්කොම කරන්නේ..

🐨 ආආආආආආආආඅ..................

🐥 ඔමෝ...මේ පාර රජතුමාද 🤭🤭

ජන්ග්කුක් එක්ක මෙච්චර වෙලා ලිවින්ග් රූම් එකේ ඉදන් කියෝ කියෝ හිටපු නම්ජුන් එකපාරටම ගිරියටින් කෑ ගහන්න ගත්තාම යූන්මින්ටේ තුන් දෙනාට නම් උනේ මොකක්ද කියලා හිතාගන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ..ජින් නම් බය උන පාර පපුවත් අල්ලන් ඉක්මනට කිචන් එකේ ඉදන් ලිවින්ග් රූම් එකට දුවගෙන ගියා..ජිමිනුත් හිනා වෙවී ජින් පස්සෙන් ගියේ නම්ජුන්ට හොද වැඩේ කියලා හිතින් හිතන ගමන්..

එයාලා යනකොට ජන්ග්කුක් නම්ජුන්ගේ අතක් දත් වලට තද කරන් හයියෙන් හපාගෙන ඉන්නවා..ටේගී දෙන්නා හිනා වෙවී ඒක දිහා බලාගෙන ඉන්නවා.. නම්ජුන් ගිරියටින් කෑ ගහනවා..ජින් දන්නවා කුක් හිටපු ගමන් ඩ්‍රැකියුලා කෙනෙක් වෙනවා කියලා.. හැබැයි ජින් හිතුවේ නෑ මේ පාර එයාගේ අහින්සකයව..මන් කිව්වෙ ජින්ට විතරක අහින්සක ඩේගන්වල රජතුමාව ජන්ග්කුක් ආහාරයක් විදියට ගනිවි කියලා.

🐨 ජිනි...රිදෙනවා දෙයියනේ...

නම්ජුන්ගේ ඇස්වල කදුලු පිරිලා තියනවා දැක්කාම ජින්ටත් දුක හිතුනා..ඒත් ඉතින් කරන්න දෙයක් නෑ.. කුක්ගේ දත්වලට අහු උනා කියන්නේ ආයි ගිරේට අහු උන පුවක්ගෙඩිය වගේ තමා..

🐱 තව විනාඩි 9ක් ඔහොම ඉවසන් ඉන්න හ්‍යුන්ග්

🐹 මෝ ?? තව විනාඩි 9ක්...

🐱 හරි මෙහෙමයි...කුක් මාවයි අල බෝලෙවයි හපනවා නම් විනාඩි 15ක් වගේ ඉන්නවා..ටේව හැපුවොත් නම් විනාඩි 20ක් 30ක් වගේ ඉන්නවා..එතකොට එදා හොබි හ්‍යුන්ග්ව විනාඩි 10ක් හපන් හිටියා..ජින් හ්‍යුන්ග්නුත් විනාඩි 15යි නේද ?? මගේ අත්දැකීම් එක්ක ගත්තාම මගේ විශ්ලේෂණ නිගමන වලට අනුව නම් අපේ රජතුමාව කුක් අඩුම විනාඩි 10ක්වත් හපන් ඉන්න ඕන..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now