chapter 37

1.3K 245 3
                                    

ජන්ග්කුක් , ටේහ්‍යුන් අතර උන රන්ඩුවෙන් පස්සේ ජන්ග්කුක් කාමරේට ආවේ එයා ගැනම දුකෙන්.. අප්පිරියාවෙන්...එක තප්පරේකට හිතුනා ඇයි එයා කෙල්ලෙක් නොවුනේ කියලා...කෙල්ලෙක්ගේ ඇදුමක් අදින්නත් අකමැති උන ජන්ග්කුක් අද හිතුනෙම ඇයි එයා කෙල්ලෙක් නොවුනේ කියලා...ඒ තරමටම ජන්ග්කුක් ටේහ්‍යුන්ට ආදරෙයි..

ඒත් ඒ ආදරේ දෛවය තීරණය කරලා තිබ්බේ අසම්මත ආදරයක් විදියට..

අසම්මත ?? මිනුමක් දෙන්න බැරි ආදරේ වගේ හැගීමකට තියෙනවාද සම්මත අසම්මත කියලා දේවල්...අපෝ නෑ...මිනිස්සු එහෙම දේවල් හදාගෙන ඉන්නවා..

ඔයා මෙහෙම හිතන්නකෝ...ඔයා ඉන්න සමාජේ පටන් ගැන්මේ ඉදන්ම සමලිංගිකත්වය ප්‍රමුඛ නම්, ඔයා ස්ට්‍රේට් උනත් ඔයාගේ ආදරේ අසම්මතයි..ඉතින් මිනිස්සු නෙමෙයිද සම්මත අසම්මත කියලා ආදරේ වෙන් කරලා තියෙන්නෙ ??

ජන්ග්කුක් කාමරේට ඇවිල්ලා කෑ ගහලා ඇඩුවේ එකම එක පාරක් හරි එයාට කෙල්ලෙක් වෙන්න පුලුවන් වෙන්න කියලා..එයා ඉල්ලන ඉල්ලීම සාධාරණ නැද්ද ?? එයාගේ පැත්තෙන් සාධාරණයි මොකද ජන්ග්කුක් හිතන් ඉන්නේ ටේහ්‍යුන්ට එයා කොල්ලෙක් නිසා අප්පිරියයි කියලා..ජන්ග්කුක්ගේ අතේ වැරැද්දක් නෑ...ඕනම කසාදයකදි පස්සේ ඕනම කෙනෙක් ලිංගිකව එක්වීමක් බලාපොරොත්තු වෙනවා..කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් ඒක එයාලගේ අයිතිය...හස්බන්ඩ් හෝ වයිෆ් හෝ එයාගේ අයිතිය...

එතකොට ටේහ්‍යුන්ටත් මේ දේ ඕන උනත් එයා ඒකට බයයි...එයා බයයි එදා වගේම ජන්ග්කුක්ට අමාරු වෙයි කියලා..ජන්ග්කුක්ට අසනීප වුන එක දෙපාරක් ම මරනය ලගටම ගිහින් ආව එක ටේහ්‍යුන් එයාටම වැරැද්ද දාගත්ත...ඉතින් අපි උනත් තමන් ආදරේ කරන කෙනාව තමන්ට නැති වෙයි කියලා දැනෙනකොට අපේ ඕනම හැගීමක් හංගන් ඉන්න තරම් ලොකු ශක්තියක් දැනෙනවා... ටේහ්‍යුන්ටත් ඒ දේ පොදුයි..

ඉතින් අපිට දෙන්නාගෙන් කාටවත් වැරැද්දක් පටවන්න බෑ...ඒත් දෙන්නාම එක වැරැද්දක් කරා.ඒ දෙන්නාගෙන් කවුරුත් අනිත් කෙනාගේ හැගිම් තෝරගන්න බැරි උන එක..දෙන්නාගෙන් එක්කෙනෙක් හරි අනිත් කෙනාගෙ හැගීම් තේරුම් ගත්තා නම් මේ ප්‍රශ්නේ මෙච්චර දුර යන එකක් නෑ..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now