chapter 11

1.6K 310 11
                                    

යූන්මින් කුක් රන්ඩුව රස වින්ද ටේකුක් දෙන්නා එදායින් පස්සේ චුට්ටක් එයාලගේ දගවැඩ තාවකාලිකව නතර කරා..මොකද පිටි හැලුවේ ජන්ග්කුක් කියලත් එයා ඒක කරේ එයාගේ ලාච්චුවට ගෙම්බෝ දාපු එකට ටේහ්‍යුන්ගේන් පලිගන්න කියලත් අවසානයේ කොහෙවත් ඉන්න අහින්සක යූන්ගියාට බාල්දිය පෙරලුන නිසාත් තරයේ අවවාද කිරීම් මැද දෙන්නාටම එයාලගේ පලිගැනීම් නතර කරන්න උනා..

නැත්තන් දෙන්නාව තනියම ගෙදර දාලා යූන්මින් යනවා කිව්ව නිසා ඒකට අකමැති උන ටේකුක් දෙන්නා එයාලගේ පලිගැනීම එතනින් නතර කරා.
ඒත් චාන්ස් එකක් ලැබෙන හැම වෙලේකම ටේහ්‍යුන් ජන්ග්කුක්ට රිද්දන්න නම් අමතක කරේ නෑ..අතින් පයින් බැරි නම් වචන වලින් හරි ටේහ්‍යුන් ජන්ග්කුක්ව රිද්දලා පොඩි ආතල් එකක් ගත්තා.

වෙනදා වගේම දවල් වෙලා නැගිට්ට ජන්ග්කුක් නාලා කරලා බාත්‍රොබ් එක පිටින්ම එලියට ආවේ අද ජිමිනුයි යූන්ගි දෙන්නා බඩු වගයක් ගේන්න එලියට ගිය නිසා..ටේහ්‍යුනුත් ඒ දෙන්නාගේ කාමරයට එන්නේ නැති නිසා බොක්සර් එක විතරක් ඇද ගත්ත ජන්ග්කුක් එහෙම්ම ඇදේ මුනින් අතට හාන්සි වෙලා එයාගේ ජීවිතේ ගැන කල්පනා කරා..එයාට තියෙන වගකීම් ගැන..එයාට කවදාවත් එයා බැන්ද කෙනාගෙන් බලාපොරොත්තු වෙන්න බැරි ආදරේ ගැන හිතද්දි එයාගේ චූටි හිත ටිකක් රිදුනා..

ඒත් මේක හ්‍යුන්ග් කිව්වා වගේ දෛවය නම් ??
මට මුකුත් කරන්න බෑ නේද ??
මන් ටේහ්‍යුන්ට ආදරේ කරන්න ඕනද ??
ඒත් ටේහ්‍යුන් කොල්ලෙක්නේ...මන් කොහොමද කොල්ලෙක්ට ආදරේ කරන්නෙ ??
හැබැයි ඉතින් මන් කෙල්ලෙක්ට ආදරේ කරලත් නෑනේ..ඒත් මට ටේහ්‍යුන් දැක්කාම ඇයි අමුතු හැගීමක් දැනෙන්නේ....
ඇයි එයාගේ චූටි වචනෙටත් මන් අඩන්නේ ??
මන් එයාට ආදරේද ??
අනි...කොහෙත්ම වෙන්න බෑ...
මන් ස්ට්‍රෝබෙරියට ආදරේ නෑ...😑😑😑
ඒත් එතකොට මන් ගේ ද ??
අනි ඒක වෙන්න බෑ...මන් ගේ නෙමෙයි 😑

අවසානයේ ජන්ග්කුක් එයා ගේ නෙමෙයි කියලා එයාට දැනෙන හැම හැගීමක්ම නැති කරලා දැම්මා.

පැයකට විතර කිට්ටු වෙන්න බොක්සර් එකත් ඇදන් ඇදේ හාන්සි වෙලා කල්පනා කරපු ජන්ග්කුක්ගේ ඇස් ගියේ ජනේලේ ලගට..හැමෝම දකින්න ආසම සතා උනත් ජන්ග්කුක් මේ ලෝකෙන් දකින්නම බයම සතා ජනේලේ ලග ඉන්නකොට මුලු ඇගෙන්ම දාඩිය වැක්කෙරිලා වෙව්ලන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now