chapter 33

1.6K 268 21
                                    

කාලය හිමින් හිමින් ගත වෙලා ජන්ග්කුක් ටේහ්‍යුන් දෙන්නාගේ විවාහයට අදට මාස පහක් වෙනවා.. තාමත් ටේහ්‍යුන් එදා ප්‍රශ්නේ නිසා හාදුවකින් එහාට ටේහ්‍යුන් එක්ක යන්නේ නෑ...ටේහ්‍යුන් බයයි එයාගේ බනීට රිදෙයි කියලා..එයා බයයි එයාගේ බනීව එයාට නැති වෙයි කියලා..

ඩාර්ක්ලෝඩ් එදා ජන්ග්කුක් ඇති කරපු ගින්නෙන් පැන ගත්තාත් එයා තාම හැංගිලා ඉදලා ටේහ්‍යුන්ව හෝ ජන්ග්කුක්ව අල්ලන්න කුරුමානම් අල්ලනවා කියලා මේ වෙනකොට ජන්ග්කුක් හැරෙන්න හැමෝම දන්නවා..

එතකොට ටේහ්‍යුන් ඩාර්ක්ලෝඩ්ට බය නැද්ද ??

ටේහ්‍යුන් ඩාර්ක්ලෝඩ්ගේ නම ඇහුවාත් ආයි අසනීප වෙයි කියලා හිතුවාත් ඇයි එහෙම නොවුනේ ??

ඒ කියන්නේ ටේහ්‍යුන් ඩාර්ක්ලෝඩ්ට බය නෑ ?? එහෙමනේ...

ඔව් ටේහ්‍යුන් ඩාර්ක්ලෝඩ්ට බය නෑ..ඒත් ටේහ්‍යුන් එදා උන හැම සිදුවීමකටම බයයි.. ඩාර්ක්ලෝඩ්ට එයා බය නැති බව ඇත්ත..මොකද එයාගේ හිත කියනවා එයාගේ බනී එයාව බේරගන්නවා කියලා..ටේහ්‍යුන්ගේ බය නැති කරන ශක්තිය ජන්ග්කුක්..හැම තප්පරේකම ටේහ්‍යුන් ලග ඉන්න ජන්ග්කුක් තමයි ටේහ්‍යුන්ගේ බය නැති කරන ශක්තිය..

එහෙනම් ටේහ්‍යුන් ජන්ග්කුක් ආදරේ කරන්න කලින් ඩාර්ක්ලෝඩ්ට බය ඇතිනේ...නෑ එහෙම උනෙත් නෑ..එයාගේ අහින්සක බනීව පුච්චලා අගුරු කරලා දාපු තිරිසනෙක්ට ටේහ්‍යුන් බය වෙන්න ?? අන්න ඒ සිතුවිල්ල නිසා ටේහ්‍යුන් ඩාර්ක්ලෝඩ්ට වෛර කරා.. සිතුවිල්ල වෙනස් උනත් අදටත් එයා වෛර කරනවා..

හැමෝම පිලිගන්නවා ටේහ්‍යුන්ට ඩාර්ක්ලෝඩ් එක්ක තියෙන්නේ බයක් නෙමෙයි වෛරයක්..එදා උන දේවල් වලට යුන්හි නැති උන එකට ජන්ග්කුක්ට අදටත් එයාගේ ඒන්ජල්ව මතක නැති එකට එයාට ඩාර්ක්ලෝඩ් එක්ක තියෙන්නේ වෛරයක්..

ඒත් ටේහ්‍යුන් එදා උන සිදුවීම්වලට තාමත් බයයි.. ඒක එයාගේ හිතින්ම වෙන දෙයක්..තමන්ගේ පිහාටු පිට කෙනෙක් අල්ලනකොට තාමත් ටේහ්‍යුන් බයයි.. තමන්ගේ ඇග පිට කෙනෙක්, අදුරන්නේ නැති කෙනෙක් අල්ලනකොට තාමත් ටේහ්‍යුන්ගේ ඇග ටේහ්‍යුන්ටත් නොදැනිම එයාව පිලිකුල් කරනවා..පුංචි මල් කැකුලක් වගේ හිටපු ටේහ්‍යුන් කාමාතුරයෙක් අතට අහු උනාම දසවද විදලා අන්තිමට ඔහේ සිහිය නැතුව ඉදලා අහු උනාම ඒ අහින්සක හිත පෑරෙන එක අහන්නත් දෙයක්ද ??

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now