chapter 28

1.6K 257 22
                                    

Queen kim : ඔයා කියන්නේ එදා ටේහ්‍යුන්ව බේරගත්තේ කුක් කියලාද ජිමින් ??

🐱 එතකොට අපි මැරුනා කියලා හිතපු ටේහ්‍යුන්ගේ බනී කුක් ද ??

ටේකුක් දෙන්නා කිචන් එකට ගිය ගමන් හැමෝම ජිමින්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තේ ජිමින්ගේ හතරබිරි කතා තේරුම් ගන්න බැරුව..

🐥 දේ..

🦄 ඒත් ටේහ්‍යුන් කිව්වේ ඒ ගෑනු ලමයෙක් කියලානේ ??

🐥 කුක් එදා ඇදන් හිටියේ යුන්හිගේ ඇදුමක්..ඒකයි කෙල්ලෙක් වගේ පෙනුනේ...අනික එදා යූන්ගි ටේහ්‍යුන් ගැන කියනකම් මන් දැනන් හිටියේ නෑ එදා අපි එක්ක හිටිය කුක්ගේ ඒන්ජල් ටේහ්‍යුන් කියලා...මන් හිතුවේ එදා යුන්හි එක්කම එයත් නැති වෙන්න ඇති කියලා...

ජිමින් ඒක කිව්වේ ඔලුව පහත් කරන් තමන්ගේ කදුලු හංගන ගමන්..මොකද ඒ දවස ටේකුක් දෙන්නාට වගේම ජිමින්ටත් අමතක නොවෙන අමිහිරි මතකයක් දුන්න තැනක්...කොහොම අමතක කරන්නද...එදා තමයි ජිමින්ට කියලා හිටපු එකම පවුල ජිමින්ගේ එකම නංගි යුන්හිව ජිමින් අන්තිමට දැකපු දවස...හැමෝටම පේන්න කදුලු හංගන්න හැදුවට ජින්ගෙනුයි යූන්ගිගෙනුයි නම් ඒක කරන්න ලේසි උනේ නෑ..

🐹 මේ අහන්න චිම්...

ජින් ලගට ගිහින් චිම් කියලා කතා කරාම ජිමින් කදුලු බේරෙන ඇස්වලින් ඔලුව උස්සලා බැලුවා.. ජිමින් ආසම නම චිම් කියන එක..මොකද ඒක යුන්හි ජිමින්ට දාපු නමක්..පොඩි කාලේ චිම් කියලා හැමෝම කතා කරත් යුන්හි නැති උනාට පස්සේ ජිමින් කැමති උනේ නෑ එයාට චිම් කියලා කියනවාට..ඒත් හිතේ පුංචි ආසාවක් තිබ්බා කවුරු හරි එයාට ඉස්සර වගේ එහෙම කතා කරයි කියලා..

🐥 හ්..හ්‍යුන්ග් 🥺🥺

🐹 අපි අද වෙනකම් ඔයා නිසා යුන්හිට එදා මොකක්ද උනේ කියලා අපි ඇහුවේ නෑ චිම්..ඒත් ඔයාට අදවත් පුලුවන් ද එදා උනේ මොකක්ද කියන්න..මන් දන්නවා චිම් ඔයාට ඒක මතක් කරන්න අමාරුයි කියලා..ඔයාගේ වගේම මගෙත් යුන්හි කියන්නේ චූටි නංගි...මටත් අයිතියක් තියෙනවා චිම් මගේ පොඩි නංගිට එදා මොකක්ද උනේ කියලා දැනගන්න...ඒත් ඔයාට පුලුවන් ද හිත හදාගෙන එදා උනේ මොකක්ද කියලා කියන්න ??

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now