chapter 39

1.4K 261 20
                                    

🐯 ඔයාලා දෙන්නා වෙලාවට ම ඇවිල්ලානේ...

🐱 අපි කොහොමත් වෙලාවට වැඩ කරනවා ඩේගන්වල ආරක්ෂක තුමනි..

ඩාර්ක්ලෝඩ් හිතපු නැති විදියට මේ වෙනකොටත් ජිමින්, යූන්ගි එයාලගේ සේනාව එක්ක ඩාර්ක්ලෝඩ්ව වට කරලා ඉවරයි..ක්ෂණිකයෙන් ක්‍රියාත්මක උන යූන්මින් දෙන්නා ඩාර්ක්ලෝඩ්ට පැනලා යන්න බැරි වෙන්න බල වළල්ලක් හැදුවා.. ඩීමන්ලාට බේරිල්ලක් නැති නිසා මේ වෙනකොටත් හුගක් ඩීමන්ලා පැනලා ගියා..පැනලා යන ඩීමන්ලාට යන්න දීලා අනිත් හැම ඩීමන් කෙනෙක්වම සිර කරන්න ෆීනික්ස්ලාට පුලුවන් උනා..

ටේහ්‍යුන් දැන් සාමාන්‍ය තත්ත්වෙට හැරිලා හිටියාත් එයාට තුරුල් වෙලා තාමත් ජන්ග්කුක් අඩනවා දැක්කාම යූන්ගි, ජිමින් දෙන්නාගේ අත් ඉබේටම මිට මෙලවුනා..

😈 උ..උබලා කො..කොහොමද මන් ඉන්න තැන දැන ගත්තේ ??

ඩාර්ක්ලෝඩ් එයාව වට කරගෙන ඉන්න ෆීනික්ස්ලාගෙන් අහනකොට ජිමිනුයි යූන්ගි කටකොනේ හිනාවක් දාලා ගැට ගහලා ඉන්න ජෙනීව එලියට ගෙනාවා..

😈 ත..තමුන් ?? තමුන් මාව පාවලා දුන්නා එහෙනම් ??

🍂 මට සමාවෙන්න උතුමාණනි...

🐱 තමුන් තව සමාවත් ඉල්ලනවාද ජෙනී ?? මගේම නංගි විදියට තමුසෙව බලාගත්ත මායි වැරදි..උබ හිතුවාද උබ එදා ජන්ග්කුක් අසනීප උන වෙලේ මූත් එක්ක කෝල් එකෙන් කතා කරපුවා මට ඇහුනේ නෑ කියලා ?? ආහ් ?? උබව අල්ල ගන්න තරම් සාක්ෂි මන් ලග නැති නිසායි මන් කටවහගෙන හිටියේ..

🍂 මට සමාවෙන්න යූන්ගි ඔප්පා..මට ටේහ්‍යුන් ඔප්පාව ලබා ගන්න ඕන නිසායි මන් මේ හැමදෙයක්ම කරේ...

🐯 මාව ලබාගන්නද මගේ අහින්සකයව බිලි දුන්නේ ජෙනි ??

ටේහ්‍යුන් ජන්ග්කුක්ව තවත් එයාට තුරුල් කරන් කලකිරිණු හඩකින් ජෙනීගෙන් ඇහුවා..ජන්ග්කුක් තාමත් ටේහ්‍යුන් තුරුලේ ඉදන් ඉකි ගහනවා ඇහෙනකොට ටේහ්‍යුන්ට ජෙනීව මරලා දන්න තරම් කේන්තියක් ආවේ..

🍂 මට සමාවෙන්න ටේහ්‍යුන් ඔප්පා..මන් ඔයාට ආදරෙයි...ඒකයි මන් මේ හැම දෙයක්ම කරේ..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now